කුඹුරු ඉඩම් ගොඩ කිරීම සම්පූර්ණයෙන් තහනම් . . .

කුඹුරු ඉඩම් ගොඩ කිරීම සඳහා මින් ඉදිරියට කිසිදු අවසරයක් නොදෙන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර නිලධාරීන්ට උපදෙස් දීී තිබේ.

පුරන් කුඹුරු වැඩිපුරම පවතින්නේ බස්නාහිර පළාතේ නිසා බොහෝ දෙනෙක් කුඹුරු ඉඩම් ගොඩ කිරීම සඳහා අවසර ඉල්ලන නමුත් ඉඩම් ගොඩ කිරීමට අවසර නොදීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බැවින් මින් ඉදිරියට කුඹුරු ඉඩම් ගොඩ කිරීම සඳහා කිසිදු නිර්දේශයක් ඉදිරිපත් නොකරන ලෙස අමාත්‍යවරයා අදාල නිලධාරින්ට උපදෙස් දුන්නේය.

ඇතැම් පුද්ගලයින් මාර්ග දෙපස ඇති කුඹුරු ඉඩම් හිතා මතා පුරන්වීමට ඉඩ හැර ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද කුඹුරු ඉඩම් ගොඩ කිරීමට අවසර නොදෙන ලෙස තමන්ට උපදෙස් දුන් බව ද කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

මාලක සිල්වා නිදහස් . . .

Fri Mar 15 , 2024
රාත්‍රී සමාජ ශාලාවකදී ස්කොට්ලන්ත ජාතිකයෙකුට හා ඔහුගේ බිරිඳට පහරදී තුවාල සිදු කළේ යැයි කියන හිටපු ඇමති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා අදාළ චෝදනාවලින් නිදහස් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසේන  නියෝග කළේය. පැමිණිල්ලේ පළමු සාක්ෂිකාර විදේශිකයා නඩු විභාගය සඳහා දිගින් දිගටම අධිකරණයේ පෙනී නොසිටීම හා විත්තිය වෙනුවෙන් ඉදිරිපත් කළ කරුණු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x