අමිතාබ් බච්චන්ට ශල්‍යකර්මයක් . . .

අමිතාබ් බච්චන්ට ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මුම්බායි නගරයේ කෝකිලාබෙන් රෝහලට ඇතුළත් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇතිවීම හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට මුම්බායිහි කෝකිලාබෙන් රෝහල වෙත ගිය අවස්ථාවේ හුස්ම ගැනීමේ අපහසුතාවයට ප්‍රතිකාර කිරීමට නේවාසික රෝගියෙකු ලෙස රෝහලට ඇතුළත් වන ලෙස වෛද්‍යවරුන් අමිතාබ් බච්චන්ට උපදෙස් ලබා දී ඇතැයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේය.

අනතුරුව හුස්ම ගැනීමේ අපහසුතාවය ඇතිවී ඇත්තේ පාදයේ ලේ කැටියක් හිරවීම නිසාවෙන් බව වෛද්‍යවරුන් සොයා ගෙන ඇති බවත් එම ලේ කැටිය ඉවත් කිරීම සඳහා වෛද්‍යවරුන් අමිතාබ් බච්චන්ව සුළු ශල්‍යකර්මයකට භාජනය කර ඇති බවත් ඉන්දීය මාධ්‍ය පෙන්වා දුන්නේය.

ප්‍රතිකාර ගැනීමෙන් පසුව අමිතාබ් බච්චන් ඊයේ (15) රෝහලෙන් පිටව ගොස් ඇති බවද ඉන්දීය මාධ්‍ය ප්‍රකාශ කළේය. නමුත් අමිතාබ්ගේ රෝගී තත්ත්වය පිළිබඳව බච්චන් පවුලෙන් කිසිඳු ප්‍රකාශයක් නිකුත් කර නොමැති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

  • විමුක්ති එස් රුද්‍රිගු
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ගාසා තීර­යට උග්‍ර ආහාර හිඟ­යක් . . .

Sat Mar 16 , 2024
ඊශ්‍රා­ය­ලය සහ පල­ස්තී­නය අතර සිර­ක­රු­වන් නිද­හස් කර­ගැ­නීම සඳහා ඊජි­ප්තුවේ සහ කටාර් රාජ්‍යයේ මැදි­හ­ත්ක­රු­වන්ට නව සටන් විරාම යෝජනා ඉදි­රි­පත් කර ඇතැයි හමාස් සංවි­ධා­නය ප්‍රකාශ කර තිබේ. අල් ජසීරා පුවත් සේවය සඳ­හන් කරන්නේ හමාස් සංවි­ධා­නය සටන් විරාම යෝජනා ඉදි­රි­පත් කර ඇත්තේ සිව්වැනි වරට බවය. මානු­ෂීය ආධාර අපේ­ක්ෂා­වෙන් බලා සිටි පල­ස්තීන ජාති­ක­යන් පිරි­ස­කට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x