පුටින්ට අතිවිශිෂ්ට ජයක් . . .

රුසියන් ජනාධිපතිවරණයෙන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට විශිෂ්ට ජයක් හිමිවීව ඇත.

රුසියාවේ මධ්‍යම මැතිවරණ කොමිසමට අනුව, ඔහුට 87%ක ඡන්ද ප්‍රතිශතයක් තිබූ අතර එම ප්‍රදේශවලින් 60%ක් පමණ මේ වනවිට ගණන් කර තිබේ.

ඒ අනුව, තවත් වසර 6 කට රුසියාවේ ජනාධිපති ධුරය හෙබවීමට 71 හැවිරිදි පුටින්ට හැකිවේ.

රුසියාවේ වැඩිම කාලයක් ජනාධිපති ධුරය හොබවන නායකයා බවට ද පුටින් පත්වන අතර ඔහු ජනාධිපතිවරයා ලෙස මෙවර පත්වන්නේ පස්වැනි වරටය.

පුටින් මොස්කව්හි ජයග්‍රාහී කථාවකදී ආධාරකරුවන්ට පවසා ඇත්තේ රුසියාවේ යුක්‍රේන මෙහෙයුම “විශේෂ මිලිටරි මෙහෙයුම” ලෙස හදුන්වමින් එයට සම්බන්ධ කාර්යයන් විසඳීමට ප්‍රමුඛත්වය දෙන බවත් රුසියානු හමුදාව ශක්තිමත් කරන බවත් ය.

පුටින් වාර්තාකරුවන්ට පැවසුවේ රුසියාවේ මැතිවරණය ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් ලෙස තමා සලකන බවත්, නවාල්නිගේ අභාවයෙන් ඔහුට එරෙහිව පැන නැගුණු විරෝධතා මැතිවරණ ප්‍රතිඵලයට කිසිදු බලපෑමක් නොකළ බවත් ය.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

විදුලිය පාඩුවට දෙන්න එපා . . .

Mon Mar 18 , 2024
විදුලි බල මණ්ඩලයට අලාභයක් නොවන ලෙස විදුලි ගාස්තු පවත්වාගෙන යන්නැයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයට දැනුම් දී ඇති බව වාර්තාවෙයි. ඒ අනුව මිල සූත්‍රයකට අනුව ගලපා පාඩු නොවන ලෙස විදුලි බිල්පත් ලබා දෙන ලෙසද ඔවුන් යෝජනා කර ඇත. රජය යෝජනා කර ඇති විදුලි ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x