විදුලි ලොක්කෝ කෝප් ඉදිරියට . . .

විදුලි බිල ඇතුළු විවිධ කරුණු විමසීම සඳහා විදුලි බල මණ්ඩලයේ  ප්‍රධානීහු පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) හමුවට ලබන 21 වැනිදා  කැඳවනු ලැබ සිටිති.

ආයතනයේ දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් ද එහිදී  සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි  පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

රෝහිත අබේගුණවර්ධන  කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස පත්වීමෙන් පසු එම කමිටුව හමුවට කැඳවෙන  පළමු ආයතනය වන්නේ විදුලිබල මණ්ඩලයයි.

ජනතා වතු සංවර්ධන අධිකාරිය ලබන 22 වැනිදා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට කැඳවීමට නියමිතව තිබුණත් එය අවලංගු කර ඇත.

මේ අතර දූෂණ වංචා අක්‍රමිකතා තදින්ම පවතින්නේ යැයි විගණකාධිපතිවරයා පෙන්වා දී ඇති රාජ්‍ය ආයතන  ඉදිරියේ දී ඉහළ ප්‍රමුඛත්වය දක්වා කැඳවා ප්‍රශ්න කිරීමට කෝප් කමිටු නව  සභාපතිවරයා බලාපොරොත්තුවෙන් සිටී.

මේ අතර ඉරාන් වික්‍රමරත්න ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ එම සාමාජික ධුරයට විපක්ෂයේ එකඟත්වයෙන් නව මන්ත්‍රීවරයකු මේ සතියේ දී  පත් කිරීමට  කතානායකවරයා තීරණය කර ඇත.

  • සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

සෞඛ්‍ය වර්ජනය තාවකාලිකව අත්හිටුවයි . . .

Mon Mar 18 , 2024
හෙට (19) උදෑසන සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි. එහි කැඳවුම්කරු රවී කුමුදේශ් අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවසීය. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදුකළ ලිඛිත ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් මෙම තීරණය ගත් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. aruna

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x