රුධිර කාන්දුකරණ ඒකකයේ සැත්කම් නවතී . . .

කොළඹ මාලිගාවත්තේ පිහිටි වෘක්කවේද කාන්දු පෙරීම හා වකුගඩු බද්ධ කිරීමේ ජාතික මධ්‍යස්ථානයේ (වකුගඩු රෝහල) රුධිර කාන්දුකරණ ඒකකයේ සැත්කම් සිදුකිරීම සම්පුර්ණයෙන්ම නවතා දමා ඇති බව වාර්තා වෙයි.

මෙම ඒකකයේ ස්ථාපිතව ඇති වසර දෙකක පමණ කාලයක් අක්‍රීයව ඇති මධ්‍යම වායු සමීකරණ යන්ත්‍රය මෙතෙක් පිළිසකර නොකිරීම හේතුවෙන් වෛද්‍යවරු විසින් මෙම තීරණය ගෙන ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ හේතුවෙන් රුධිර කාන්දුකරණයකර ගැනීමට සහ සැත්කම් සඳහා රෝහළට පැමිණෙන රෝගීන් මෙන්ම ප්‍රතිකාර කරනු ලබන වෛද්‍යවරු දැඩි අපහසුතාවට ලක්ව ඇති අතර මෙම තත්ත්වය මත රුධිර කාන්දුකරණ සැත්කම් සිදු කිරීම සම්පුර්ණයෙන්ම නවතා දැමීමට වෛද්‍යවරු මෙසේ තීරණය කර තිබේ.

සැත්කම් සඳහා සිටින රෝගීන්ට කොළඹ ජාතික රෝහල වෙත පැමිණෙන ලෙස දැනුම් දී එහිදි එම සැත්කම් සිදුකිරීමට වෛද්‍යවරු විසින්ම කටයුතු යොදා ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම වායුසමීකරණ යන්ත්‍රය පිළිසකර කිරීමට ගත යුතු පියවර සම්බන්ධයෙන් ලබන 20වැනිදා බලධාරින් සමග සාකච්ජාවක් පැවැත්වෙන අතර එහිදි සාධනීය විසඳුමක් නොලැබුණ හොත් මෙම ඒකකය වසා දැමීමට කටයුතු කරන බව රෝහල් පාලනාධිකාරිය පවසයි.

මසකට රුධිර කාන්දුකරණය කර ගැනීම සඳහා මෙම රෝහලට තුන්සියයකට අධික රෝගීන් පිරිසක් පැමිණෙන අතර එම රෝගීන්ද මෙම අපහසුතාව විඳ දරාගැනීමට නොහැකිව මෙසේ අසරණභාවයට පත්ව ඇත.

කොළඹ මාලිගාවත්තේ පිහිටි වෘක්කවේද කාන්දු පෙරීම හා වකුගඩු බද්ධ කිරීමේ ජාතික මධ්‍යස්ථානයේ වකුගඩු රෝග සහ වකුගඩු බද්ධ කිරීම් ආශ්‍රිත සුවිශේෂී ප්‍රතිකාර සිදුකරනු ලබන අතර ඒ පිළිබඳව සැලකිය යුතු අවධානයක් යොමුවී නොමැති බව ද වෛද්‍යවරු පෙන්වා දෙති.

  • වරුණි පෙරමුණ
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

කොළඹ කොටස් වෙළෙඳපළෙන් වාර්තාවක් . . .

Tue Mar 19 , 2024
කොළඹ කොටස් වෙළෙඳපොලේ (CSE) සියලුම කොටස් මිල දර්ශක (ASPI) 2024 වසරේ මේ දක්වා ලොව හොඳම ක්‍රියාකාරී ප්‍රාථමික කොටස් දර්ශක 10 අතරට ශ්‍රේණිගත වී ඇති බව Bloomberg වෙබ් අඩවී දත්ත පෙන්වා දෙයි. ඒ එක්සත් ජනපද ඩොලර් අනුව 12.96% ක ධනාත්මක මිල ප්‍රතිලාභයක් ලැබීම හේතුවෙනි. Bloomberg දත්ත වලට අනුව, ශ්‍රී ලංකාවේ ප්‍රධාන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x