කසල තේ උඩුනුවරින් අල්ලයි . . .

අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ නීති විරෝධී කසල තේ ගබඩා හතරක් වැටලු ගම්පොළ විශේෂ කාර්ය බළකා නිලධාරීන් ඒවායෙහි තිබූ කසළ තේ කිලෝ  දහතුන්දභස් දෙසිය දාහතක් සමග හිමිකරුවන් සිව් දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

උඩුනුවර ලීමගහ ප්‍රදේශයේදී මෙම ගබඩා හතර පරික්ෂාවට ලක් කර තිබු අතර මෙම ප්‍රදේශය ප්‍රසිද්ධව ඇත්තේ කසල තේ නිෂ්පාදනය සඳහා බවත් ඔවුන් විසින් මෙම කසල තේවලට විවිධ රසායනික ද්‍රව්‍ය කවලම් කොට ඒවා කළු පැහැ ගන්වා නිමි තේ බවට පත්කර මෙරට හා විදේශ වෙළෙඳ පොළවෙත යැවීම කාලාන්තරයක් තිස්සේ සිදු කර ඇති බව පොලිසිය පවසයි.

මෙම තේ තොගය පරික්ෂා කිරීම සඳහා තේ මණ්ඩල නිලධාරීන්ද පැමිණ සිටි අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව් දෙනා සමඟ මෙම කසල තේ තොගය දවුලගල පොලිසිය වෙත භාරදීමට පියවර ගෙන තිබුණි.

විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර කලාප අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශේධ ප්‍රනාන්දු ප්‍රදේශිය අණදෙන නිලධාරි සහකාර පොලිස් අධිකාරී අභයරත්න ගම්පොළ කඳවුර භාර නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක නලින්ද උඩඅරඹ යන නිලධාරීන්ගේ උපදෙස් මත දෙවන අණ දෙන නිලධාරී පොලිස් පරීක්ෂක රසික සිරිවර්ධන උප පොලිස් පරීක්ෂක කුමාර පොලිස් සැරයන් 66863 බණ්ඩාර පොලිස් කොස්තාපල්වරු වන 83510 ජයන්ත 21721 පුෂ්පකුමාර 22733 කුමාරතුංග 39671 මුණිරත්න යන නිලධාරිහු මෙම වැටලීම සිදුකළහ.

  • සුරංග රාජනායක
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

රන් මිල එකවරම ඉහළ යයි . . .

Thu Mar 21 , 2024
මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව අද (21) දිනයේ කැරට් 22 රන් පවුම රු.173,950.00 වන අතර කැරට් 24 රන් පවුම රු. 189,750.00ක් ලෙස සටහන්ව තිබේ. අද රන් මිල සටහන පහතින්, කැරට් 24 ග්‍රෑම් 1 – රු.23,720.00 කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.189,750.00 කැරට් 22 ග්‍රෑම් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x