කෝටිපතියාගෙන් ලක්ෂ 3000ක රන්බඩු සොරාගෙන . . .

ප්‍රධාන පෙළේ රන් භාණ්ඩ අලෙවිසල් ජාලයක් පවත්වාගෙන යන කෝටිපති ව්‍යාපාරිකයකු සතුව තිබූ රුපියල් ලක්ෂ 3000කට ආසන්න රන් භාණ්ඩ සොරකම් කර ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය, අධිකරණය වෙත ඊයේ (20 වැනිදා) දන්වා සිටියේය.

කොළඹ හෙට්ටිවීදිය, මඩකලපුව සහ කාත්තන්කුඩි ප්‍රදේශවල රන් භාණ්ඩ අලෙවිසල් පවත්වාගෙන යන ව්‍යාපාරිකයකුගේ රන් භාණ්ඩ එලෙස සොරකම් කර ඇතැයි කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසාන් අමරසිංහ වෙත කරුණු වාර්තා කරමින් දන්වා සිටි කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් එම රන් භාණ්ඩ අලෙවිසල්වල සේවය කරන සේවකයන් දෙදෙනකු විසින් මෙම සොරකම කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයිද දන්වා සිටියේය.

කාත්තන්කුඩියේ පදිංචි අහම්මදු මුහයිදීන් උමර් හසීම් නමැති අය විසින් කරන ලද පැමිණිල්ලක් මත මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු ආරම්භ කළ බවද කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීහු අධිකරණයට දන්වා සිටියහ.

මෙම සිද්ධියට අදාළ දුරකථන විශ්ලේෂණ වාර්තා ලබාගනිමින් ඉදිරි විමර්ශන කටයුතු සිදුකරන බවද කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීහු අධිකරණයට දැනුම් දුන්හ.

මෙම සිද්ධියට අදාළව විමර්ශන පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අතිරේක මහෙස්ත්‍රාත්වරයා කොළඹ අපරාධ කොට්ඨාසයට නියම කළේය.

  • ඉෂාර රත්නකාර
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ඕස්ට්‍රේලියානු ශිෂ්‍ය වීසා නීති දැඩි කරයි . . .

Thu Mar 21 , 2024
විදෙස් ශිෂ්‍යයින් සඳහා වීසා නීති දැඩිකිරීම මෙම සතියේ සිට ක්‍රියාත්මක කිරීමට ඕස්ට්‍රේලියාව තීරණය කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඔවුන් එම තීරණය ගෙන ඇත්තේ ඕස්ට්‍රේලියාවට පැමිණි සංක්‍රමණිකයින් ගණන විශාල ලෙස වැඩිවී ඇති බවට හෙළිවූ  නවතම දත්ත වාර්තා වලට අනුවයි. මෙලෙස සංක්‍රමණිකයින්ගේ පැමිණීම වැඩිවීම හේතුවෙන් එරට තුළ කුලි නිවාස වෙළෙඳපොල […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x