උෂ්ණත්වය තවත් ඉහළට . . .

මේ දිනවල උෂ්ණත්වය වසරේ වෙනත් දිනවලට වඩා සෙල්සියස් අංශක එකකින්,දෙකකින් ඉහළ ගොස් තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දිවයින පුරා මෙම තත්ත්වය පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් පැවසුවේය.

සෑම වසරකම මාර්තු, අප්‍රේල් මාසවලදී උෂ්ණත්වය ඉහළ මට්ටමක පවතින බවත්, අප්‍රේල් මාසය අවසන් වනතුරු මෙම තත්ත්වය පවතින බවද ඔහු කීවේය.

අසාමාන්‍ය ලෙස මේ කාලයේ උෂ්ණත්වය ඉහළ ගොස් ඇත්දැයි පරීක්ෂා කිරීමට නම් අධ්‍යයනයක් සිදු කළ යුතු බවද එම දෙපාර්තමේන්තුව කියයි.

  • සාලිය කුමාර ගුණසේකර
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

කීරි සම්බා වී ලොරියක් පැහැරගනී . . .

Fri Mar 22 , 2024
වැලිකන්ද ප්‍රදේශයේ මහා පරිමාණ සහල් මෝලකට විකිණීම සඳහා රැගෙන ගිය රුපියල් ලක්‍ෂ පහළොවක් පමණ වටිනා කීරි සම්බා වී සහිත ලොරියක් සොරාගත් පිරිසක් සොයා වැලිකන්ද පොලිසිය විමර්ශනයක් ආරම්භකර ඇත. කෙසේ වෙතත් පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී සොරාගන්නා ලොරි රථය පමණක් අරලගංවිල හතර කණුව ප්‍රදේශයේ දමාගොස් තිබියදී  සොයාගෙන තිබිණි. එම ලොරි රථයේ කීරි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x