තිස් අවුරුදු යුද්ධය අවසන් කරන්න මගේ ධනය වියදම් වුනා . . .

තිස් අවුරුදු යුද්ධය අවසන් කිරීම සඳහා ශ්‍රී ලාංකීය ජාතිය අභිප්‍රේරණය කිරීමට තමන් පෞද්ගලිකව මැදිහත් වූ බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර සඳහන් කරයි.

යුද්ධය කාලේ ‘අපි වෙනුවෙන් අපි’ ව්‍යාපෘතිය ඒ සඳහා සකස් කරන ලද්දේ තමන්ගේ පෞද්ගලික ධනය වියදම් කරමින් තම හිතවතුන් පිරිසක් සමග එක්වී බවද හෙතෙම පැවසීය.

තම අතින් මුදල් වියදම් කරමින් සකස් කළ ‘අපි වෙනුවෙන් අපි’ වැඩසටහන නිසා හමුදාවට බැඳීම සඳහා තරුණයන් පෝලිම් පිටින් පැමිණි බවද ඒ හරහා යුද්ධය අවසන් කර ගැනීමට හැකියාවක් ලැබූ බවද ඔහු පවසයි.

මවුබිම ජනතා පක්ෂයේ ජන හමුවක් අමතමින් හෙතෙම මේ බව කියා සිටියේය.

  • lanka C news
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ජාතික අවම වැටුප සංශෝධනය කෙරේ . . .

Tue Mar 26 , 2024
2016 අංක 3 දරන සේවකයන්ගේ ජාතික අවම වේතනය පනතේ විධිවිධාන පරිදි ජාතික අවම වැටුප රු. 12,500 ක් ලෙස නියම කරනු ලැබ ඇත. ජාතික කම්කරු උපදේශක සභාවේ නිර්දේශ මත පත් කරන ලද කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නියෝජනය කරන වෘත්තීය සමිත සහ සේවායෝජකයන් ඇතුළත් ත්‍රෛපාර්ශවික අනුකමිටුවක් මඟින් එම වැටුප රු. 17,500 […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x