නව මිල සූත්‍රය අනුව ඉහළ යන විදුලි බිල . . .

නව විදුලි මිල සූත්‍රය අනුව පළමු ඒකක 30ට එක් ඒකකයකට කරන අයකිරීම් රුපියල් අටේ සිට පනහ දක්වා ඉහළ දැමෙන්නේ යැයි ද ඒ අනුව පළමු ඒකක 30 වෙනුවෙන් සෑම පාරිභෝගිකයේකුට ම රුපියල් 1,500ක ස්ථාවර ගාස්තුව ද සමග රුපියල් 3,000ක බිලක් ලැබෙනු ඇතැයි ද තෙල් වරාය සමගි ඒකාබද්ධ බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත ඊයේ (දෙසැ. 18) පැවසීය.

විදුලි ගාස්තු සංශෝධන පනත් කෙටුම්පත අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත යැයි කී හෙතෙම මෙය තනිකරම කළු කඩ වෙළෙඳාමක් යැයි චෝදනා කළේ ය.

ආනන්ද පාලිත මෙසේ ද කීය.

“විදුලි ගාස්තු සංශෝධන පනත් කෙටුම්පත අද (18දා) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙච්චර කල් පළමු ඒකකයට අය කළ රුපියල් 8 මේ සමග 50ක් වෙනවා. ස්ථාවර ගාස්තු 1,500යි. ඒ කියන්නෙ ඒකක 30ක් පාවිච්චි කරන කෙනෙක් රුපියල් තුන්දාහක් ගෙවන්න ඕනෑ. විදුලි බිල වැඩිකරලා. විදුලි ඒකකයත් වැඩි කරලා. විදුලි බිල ඒ වගේ තුන් ගුණයකින් වැඩි කරලා. මේක කළු කඩයකට එහා ගිය මිල වැඩි කිරීමක්. විදේශීය පෞද්ගලික සමාගම්වලට බලාගාර විකිණීමේ අදහසින් මේ මිල වැඩි කිරීම කරන්නේ.”

විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මෙසේ කීය.

“අපි හිඟා කාලා හරි කැට හොල්ලලා හරි මේකට විරුද්ධව නඩු කියනවා. නීතිපතිත් මේකට වගකිව යුතුයි. අපි ඔහුත් නීතිය හමුවට ගේනවා. ඔය කට්ටිය ටයි එක ගලවලා ජම්පර් අඳින්න ලෑස්ති වෙන්න.”

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ආණ්ඩුව මැතිවරණවලට බයයි . . .

Mon Dec 19 , 2022
වතුරට බිය නිසා පිස්සු බල්ලෝ නාවන්න බැරි ආකාරයෙන්ම මැතිවරණවලට බිය ආණ්ඩුව මැතිවරණ සඳහා රැගෙන යා නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේය.පොහොට්ටුවට හා එක්සත් ජාතික පක්ෂයට ඇත්තේ ජාමේ බේරාගැනීමට බැවින් ඔවුන් එකට එකතු වී හෝ මැතිවරණ පැවැත්වීමට මැලිකමක් දක්වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.පොහොට්ටුව එකතුවේ ජනාධිපතිවරයාට කප් එක ලබාදී පොහොට්ටු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x