විද්‍යා ප්‍රශ්න පත්‍රය කලින් පිටවේ . . .

බස්නාහිර පළාත් 10 සහ 11 ශ්‍රේණි සඳහා පැවැත්වෙන දෙවන වාර විභාගයේ අද (නොවැ. 18) දිනයේ ලබා දීමට නියමිත විද්‍යා ප්‍රශ්න පත්‍රය කලින් පිටවීම හේතුවෙන් කොළඹ ප්‍රධාන පෙළේ පාසල් ඇතුළු පාසල් කිහිපයක එම ප්‍රශ්න පත්‍රය ලබා දීම අත්හිටුවීමට තීරණය කොට ඇතැයි වාර්තා වනවා.

දෙවන වාර විභාගයේ ප්‍රශ්නපත්‍ර කලාප අධ්‍යාපන කාර්යාලවලින් පාසල්වලට සකස් කොට ලබා දෙන අතර පාසල්වල විභාග අංශ හරහා එම ප්‍රශ්නපත්‍ර මුද්‍රණය කොට අදාළ දිනයට සිසුන්ට බෙදා දීමක් සිදු වේ. මෙවර සාමාන්‍ය පෙළ සිසුන් හා 10 ශ්‍රේණි සිසුන් ඉලක්ක කර ගනිමින් සකස් කළ විද්‍යා ප්‍රශ්න පත්‍රය ඊයේ (නොවැ. 17) වන විටත් පිටවී ඇති බවට රාවයක් යමත් සමග පාසල් විදුහල්පතිවරුන් මෙම ප්‍රශ්න පත්‍රය අත්හිටුවීමට කටයුතු යොදා ඇති බව ද අධ්‍යාපනය ආරංචි මාර්ගයන් අනාවරණය කරයි.

මේ සම්බන්ධයෙන් ‘ප්‍රධාන පුවත් පතක්’ කළ විමසුමකදී බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රී ලාල් නෝනිස් කියා සිටියේ වහා ම මීට අදාළ පරීක්ෂණයක් ආරම්භ කිරීමට තමා නියෝග කළ බව යි. මේ හේතුවෙන් පාසල් සිසුන් දැඩි අපහසුතාවකට පත්ව ඇති අතර තතුදත් අධ්‍යාපන ආරංචි මාර්ග කියා සිටියේ කලාපවලින් බස්නාහිර පළාත් පාසල් වෙත මේ සතිය පුරා ලබා දුන් ප්‍රශ්න පත්‍ර රැසක මුද්‍රණ ප්‍රශ්න පවා වාර්තා වී ඇති බවයි.

රජයේ විභාග ආකෘතීන්ට වාර විභාග ප්‍රශ්න පත්‍ර පවා මීට පෙර සකස් කළද මෙවර අකුරු හැඩතල හා අකුරු ප්‍රමාණයන් මෙන් ම පිටුවකට එන ප්‍රශ්න ගැන පවා නොසිතා වාර විභාග ප්‍රශ්න පත්‍ර කලාප අධ්‍යාපන කාර්යාලවලින් සකස් කිරීම හේතුවෙන් පිටු අපතේ යාමක් පවා සිදුව ඇතැයි ද අධ්‍යාපන ආරංචි මාර්ගයන් වැඩිදුරටත් කියා සිටී.

දැනට පැවති 11 ශ්‍රේණිය සිංහල භාෂාව හා සාහිත්‍ය ප්‍රශ්න පත්‍ර ඒ-3 කොළයකින් නිම කර ගැනීමට තිබියදීත් මෙවැනි නොසැලකිලිමත්කම් හේතුවෙන් ඊට අමතර ඒ-4 කොළයක් පවා අමතරව එකතු කිරීමට සිදුව ඇත.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඉසුරුපායෙන් අස්ථානගතවූ චිත්‍රය . . .

Fri Nov 18 , 2022
ලබන වසරට යෙදෙන 75 වන නිදහස් දින සංවත්සරය වෙනුවෙන් මෙරට අභිමානය විදහ දැක්වෙන දැවැන්ත චිත්‍ර තරගයක් සහ ප්‍රදර්ශනයක් සංවිධානය කිරීමට අපේක්ෂා කරන බවත්, මෙරට දක්ෂ චිත්‍ර ශිල්පීන් සියලුදෙනා ඊට දායක කර ගන්නා අතරම නවක චිත්‍ර ශිල්පීන්ට ද තම දක්ෂතා එළිදැක්වීමට එය මහඟු අවස්ථාවක් වනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x