පොකැට්ටුවට තට්ටුකරන ගැබිණි කල්ලියක් අල්ලයි . . .

බස් වල ගමන් කරන මගීන්ගේ මුදල් පසුම්බි, රන් ආභරණ ඇතුළු දේපල සොරකම් කිරීමේ නිරත, සංවිධානාත්මක ගැබිනි කාන්තා කල්ලියක සාමාජිකාවන් තිදෙනකු  රුපියල් ලක්ෂයකට වැඩි හෙරොයින්  මත්කුඩු , කොල්ලකන ලද ලක්ෂ දෙකකට ආසන්න රන්මාලයක් සහ මුදල්  සමඟ අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, තඹුත්තේගම කුඩාගම සහ බුලත්සිංහල පාර ඉංගිරිය  යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 20, 23 සහ 30වියේ පසුවන ගැබිනි  කාන්තාවන් දෙදෙනකු ඇතුළු කාන්තාවන් තිදෙනෙකි.

කොළඹ සිට අනුරාධපුර දක්වා තඹුත්තේගම  හරහා ධාවනය වූ පෞද්ගලික බස් රථයක ගමන් මගී කාන්තාවක්  තම ගෙල බැඳි රන මාලය බස් රථය තුලදී කවුරුන් හෝ කඩා ගෙන ඇති බවට පැවසීමත් සමග බස් රථය අනුරාධපුර මූලස්ථාන පොලිසිය වෙත ධාවනය කර, එහිදී  සිදු කළ පරීක්ෂාවකදී සැකකාරියන්  තිදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සංවිධානාත්මක අපරාධ ක්‍රියාවල යෙදෙන මෙම  කාන්තාවන් ඇතුළු කාන්තාවන් කල්ලිය දිවයිනේ විවිධ ප්‍රදේශවල සොරකම් සිද්ධි රැසකට   සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇතැයිද පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේය.

  • බී.ජි චතුරංග
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

තිස් අවුරුදු යුද්ධය අවසන් කරන්න මගේ ධනය වියදම් වුනා . . .

Mon Mar 25 , 2024
තිස් අවුරුදු යුද්ධය අවසන් කිරීම සඳහා ශ්‍රී ලාංකීය ජාතිය අභිප්‍රේරණය කිරීමට තමන් පෞද්ගලිකව මැදිහත් වූ බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර සඳහන් කරයි. යුද්ධය කාලේ ‘අපි වෙනුවෙන් අපි’ ව්‍යාපෘතිය ඒ සඳහා සකස් කරන ලද්දේ තමන්ගේ පෞද්ගලික ධනය වියදම් කරමින් තම හිතවතුන් පිරිසක් සමග එක්වී බවද හෙතෙම පැවසීය. තම අතින් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x