විශ්‍රාමික ඉංග්‍රීසි ගුරුවරුන් යළි කැඳවයි . . .

ඉංග්‍රීසි මාධ්‍ය ගුරු හිඟයට පිළියමක් වශයෙන් විශ්‍රාමික ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරුන් තුන් වසරක කාලයක් සඳහා බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

හය ශ්‍රේණියේ සිට එකොළොස් වැනි ශ්‍රේණිය දක්වා පන්ති සඳහා මෙම ගුරුවරුන් බඳවා ගැනීමට නියමිත අතර මේ වන විට එම අවශ්‍යතාව කෙසේද යන්න සම්බන්ධයෙන් අමාත්‍යාංශය සියලුම පළාත්වලින් තොරතුරු කැඳවා ඇත. ජාතික පාසල්වල තොරතුරු ද රැස් කෙරෙමින් පවතියි.

එම තොරතුරු ලද පසු බඳවා ගැනීම සඳහා කැබිනට් අනුමැතියට ඉදිරිපත් කරන බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත ‘ අරුණ‘ට ඊයේ ( 24 වැනිදා) පැවැසීය. චක්‍රලේඛ ප්‍රකාරව මෙම ගුරුවරුන් විශ්‍රාම ලබන අවස්ථාවේ ලබමින් සිටි වැටුපට අමතරව ජීවන වියදම් දීමනාව ද ලබා දිය යුතු බවත් පැවසූ ඇමැතිවරයා ලබන මැයි මස සාමාන්‍ය පෙළ විභාගයට පෙර එම ගුරුවරුන් බඳවා ගැනීම සිය අපේක්ෂාව යැයි ද කීවේය.

මේ අතර දැනට පවතින උග්‍ර ගුරු හිඟයට පිළියමක් වශයෙන් බස්නාහිර පළාතට බඳවා ගන්නා උපාධිධාරී ගුරුවරුන් සංඛ්‍යාව පන්දහසක් දක්වා වැඩි කිරීමට ද පියවර ගෙන තිබේ.

  • නිලන්ත මදුරාවල
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

දකුණු ආසියාවේ විශාලතම මාතෘ රෝහල අනිද්දා ජනතා අයිතියට . . .

Mon Mar 25 , 2024
දකුණු ආසියාවේ විශාලම මාතෘ රෝහල ලෙසින් ගාල්ල කරාපිටියේ ඉදිකරන ලද ජර්මන් – ශ්‍රී ලංකා මිත්‍රත්ව නව කාන්තා රෝහල අනිද්දා (මාර්තු 27) ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් විවෘත කිරීමට නියමිත ය. මහල් හයකින් යුක්ත මෙම රෝහල ඇඳන් හයසියකින් හා ශල්‍යාගාර හයකින් සමන්විත යැයි ද හදිසි ප්‍රතිකාර ඒකක, දැඩි සත්කාර ඒකක, රසායනාගාර, ළදරු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x