සුරාබදු ආදායම ඉහළ යයි . . .

සුරාබදු දෙපාර්තමේන්තුව පසුගිය වර්ෂයේ පෙබරවාරි මාසයට සාපේක්ෂව මෙම වර්ෂයේ දී සුරාබදු ආදායම සියයට 38.5කින් වර්ධනය වී ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි පවසයි.

මත්පැන්වල මිල වැඩිවීම හේතුවෙන් පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව මෙම වසරේ ජනවාරි මාසයේ දී මත්පැන් නිෂ්පාදනය ලීටර් 657,000ක් පමණ අඩුවී ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දෙයි.

“මිල වැඩිවීම හරහා නිෂ්පාදනය සෑහෙන්න අඩුවෙලා තියෙනවා. 2023 වසරේ ජනවාරියේ නිෂ්පාදනය එක්ක ගත්තහම මේ අවුරුද්දේ ජනවාරියේ නිෂ්පාදනය ලීටර් 657,000ක් අඩුවෙන් තමා නිෂ්පාදනය වෙලා තියෙන්නේ. එහෙම තියෙද්දිත් අපිට පුළුවන් වුණා 2024 පෙබරවාරි මාසය එක්ක සංසන්දනය කළාම 38%ක ආදායමේ වර්ධනයක් ලබාගන්න පුළුවන් වුණා. මාර්තු මාසයේ දීත් අපි බලාපොරොත්තු වෙනවා 30%ක විතර වර්ධනයක්.”

එළඹෙන අවුරුදු සමයේ දී නීතිවිරෝධී මත්පැන් පිළිබඳව වැටලීම් සිදුකිරීමට සඳහා දිවයින පුරා විශේෂ කණ්ඩායම් ද යොදවා ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි පැවසුවේය.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

කුවේටයේ වීසා නොමැති ශ්‍රී ලාංකිකයන්ට පොදු සමා කාලයක් . . .

Mon Mar 25 , 2024
කුවේට් රාජ්‍යයේ රැකියා සදහා ගොස් නේවාසික වීසා කාළය උල්ලංඝනය කරමින් එරට රැදී සිටින සහ තම සේවා ස්ථාන වලින් පළා ගොස් සිටින ශ්‍රී ලාංකිකයන්ට, දඩ ගෙවීමකින් සහ නීතිමය බාධා වලින් තොරව එරටින් පිට වී යාම සදහා පොදු සමා කාළයක් කුවේට් හි එමීර් ෂෙයික් මෙෂාල් අල් – අහමඩ් අල් – ජාබර් මැතිතුමා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x