වීසා බලපත් නිකුතුව විදෙස් ආයතනයකට දෙන්න සැලසුම් . . .

මෙරටට පැමිණෙන විදේශිකයන් සඳහා විසා බලපත්‍ර නිකුත් කරන ක්‍රම​වේදයෙන් ඉවත් වී විදේශීය පෞද්ගලික ආයතනයක් වෙත එය ලබාදීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව සැලසුම් කරගෙන යන බව වෘත්තීය සමිති පෙන්වා දෙති.

මෙතෙක් වීසා බලපත්‍ර ලබාදීමේදී අන්තර්ජාලය ඔස්සේ වීසා අයැදුම් කිරීම (Online) හා ගුවන් තොටුපොළ වෙත පැමිණ (On Arrival) වීසා අයැදුම් කිරීමේ ක්‍රමවේදය මගින් ලද ආදායම ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ලැබිණි.

මෙය විදේශීය පෞද්ගලික ආයතනයක් වෙත ලබාදීමෙන් මෙරටට ලැබුණු ආදායම් විදෙස් ආයතන වෙත බෙදීයන බවද නිලධාරීහු පෙන්වා දෙති.

අන්තර්ජාලය ඔස්සේ වීසා අයැදුම් කිරීමේදී ආසියානු රටවල අයට ඩොලර් 20ක් හා වෙනත් රටවල අයට ඩොලර් 55ක් වැය කර වීසා ලබාගත හැකිව තිබිණි.

ගුවන් තොටුපොළටම පැමිණි On Arrival visa ගැනීමේදී දකුණු ආසියානු රටක විදේශිකයකුගෙන් ඩොලර් 25ක්ද වෙනත් රටවල අයගෙන් ඩොලර් 60ක්ද අයකරනු ලැබීය.

ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් කිසිඳු ගැටලුවකින් තොරව කරගෙන ගිය මෙම ක්‍රියාවලිය විදේශීය ආයතනයකට පවරා වීසා ගාස්තුව වැඩි කිරීමට සූදානම් වන බවද නිලධාරීහු පෙන්වා දෙති.

  • අශෝක ජයරත්න
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

බැල්ටිමෝ වරායේ අනතුරට හේතුව හෙළිවෙයි . . .

Wed Mar 27 , 2024
අමෙරිකාවේ බැල්ටිමෝ වරායේ සිදු වූ අනතුරට හේතුව නැවේ විදුලිබලය අහිමිවීම නිසා සිදු වූවක් බවට හෙළිව තිබේ. මීටර් 289 ක දිගින් යුත් ඩාලි නෞකාව බැල්ටිමෝ වරායේ සිට බහාලුම් රැගෙන ශ්‍රී ලංකාව බලා යාත්‍රා කරමින් තිබුණි. දින 27 ක කාලයක් තුළ එහි චාරිකාව සැළසුම් කර තිබූ අතර ගමන් ආරම්භ කර ටික වේලාවක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x