රජයේ අධිනීතිඥවරියකට පිහි ප්‍රහාරයක් . . .

පානදුර ප්‍රදේශයේදී රජයේ අධිනීතිඥවරියකට පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී  තිබේ. ඊයේ (23) එසේ පහරදී ඇත්තේ, එම නීතිඥවරියගේ පානදුර ප්‍රදේශයේ පිහිටි නිවස අසලදීය.

අදාළ පහරදීම සිදුකර ඇත්තේ‍ රජයේ අධිනීතිඥවරිය සමග කලක පටන් අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගිය හිටපු හමුදා සෙබළෙකු බව වාර්තා වෙයි. මෑතක සිට ඇය ඔහු මඟහැර යෑම පහරදීමට හේතුවී ඇති බව පොලීසිය පවසයි.

පහරදීමට උත්සාහ කිරීමත් සමග එම කාන්තාව දුම්රිය ස්ථානය දෙසට දිව ගොස් ඇති අතර එම කාන්තාවට පිහි පහර තුනක් පමණ එල්ලවී තිබේ. ඉන් ඇය සුළු තුවාල ලබා ඇත.

සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී පානදුර දුම්රිය නැවතුම්පොළ ඉදිරිපිට රාජකාරි යෙදී සිටි රථවාහන අංශ නිලධාරියෙක්ද සුළු කැපුම් තුවාල ලබා තිබුණි.

සැකකරු පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ගොවීන් අතර පැතිර යන පාංශු උණ . . .

Sat Jun 24 , 2023
ගොවීන් අතර මේ දිනවල පැතිර යන පාංශු උණ සම්බන්යෙන් බොහෝ දෙනෙකු දැනුවත්වී නැතැයි හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ කේ.බී ගුණරත්න පවසයි.  ඔහු පැවසුවේ, පසෙන් හා ජලයෙන් මෙම රෝගය පැතිර යන බවට සෞඛ්‍ය අංශ දන්වා ඇති බවයි. පැතිර යන බව පැවසෙන මෙම රෝගය සම්බන්ධයෙන් ගොවිජනතාව විශේෂ අවදානයක් යොමු කළ යුතුව ඇතැයිද ඔහු සඳහන් කළේ ය. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x