මියගිය පුද්ගලයකුගේ පෙණහල්ලේ දතක් . . .

බලන්ගොඩ මූලික රෝහලේ මෘත ශරිශාරගාරයේ පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයකදී 59 හැවිරිදි පුද්ගලයකුගේ පෙණහල්ලේ තිබී දතක් හමු වූ පුවතක් ඊයේ (27 වැනිදා) වාර්තා විය.

මෙම පුද්ගලයා කාලයක සිට නිව්මෝනියාව සහ වකුගඩු රෝගී තත්ත්වයෙන් පෙළෙමින් සිට ඇත. ඔහු මරණයට පත්ව තිබෙන අතර පශ්චාත් මරණ පරීක්ෂණ බලන්ගොඩ මූලික රෝහලේදී සිදුකෙරිණි. බලන්ගොඩ මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනි ඩී. චේති සත්‍ය විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ අවස්ථාවේදී දතක් පෙණහල්ලේ තිබී හමු වූ බව බලන්ගොඩ හදිසි මරණ පරීක්ෂක පත්මෙන්ද්‍ර විජේතිලක ප්‍රකාශ කළේය.

මෙසේ මියගොස් ඇත්තේ බලන්ගොඩ පින්නවල පොලිස් බල ප්‍රදේශයේ වලේබොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි එස්. කරුණාරත්න නැමැති අයකුය.

මෙම පුද්ගලයා මත්පැන් පානය කිරීමට ඇබ්බැහි වී ඇති පුද්ගලයකු බවත් කාලයක් තිස්සේ නිව්මෝනියාව රෝගයෙන් සහ වකුගඩු රෝගී තත්ත්වයන් පෙළෙමින් සිට ඇති බවත් නිව්මෝනියාව උස්සන්න වීම හේතුවෙන් මියගොස් ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී අණාවරණය වූ බවත් බලන්ගොඩ හදිසි මරණ පරීක්ෂක කීය. වසර කිහිපයකට පෙර ඔහුගේ මුඛයෙන් දතක් ගැලවී ගොස් පෙණහල්ලේ සිර වී ඇති බවට සැකකෙරෙන බවද ඔහු කීය. හදිසි මරණ පරීක්ෂකවරයා වැඩිදුරටත් පැවැසුවේ තමන්ගේ සිරුර සම්බන්ධයෙන්වත් මොහු සැලකිල්ලක් දක්වා නොමැති බවය.

බලන්ගොඩ පින්නවල පොලිසියේ පොලිස් සැරයන් මිල්ලගහගොඩ (60507) සාක්ෂි මෙහෙයවිම සිදුකළේය.

  • එන්.එස්. ප්‍රියනන්දන – බලන්ගොඩ
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

පෙත්සම සලකා බැලීමෙන් දෙවන විනිසුරුවරයාත් ඉවත්වෙයි . . .

Thu Mar 28 , 2024
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වශයෙන් පත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබූ නිර්දේශය ප්‍රතික්‍ෂේප කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවසාදායක සභාව ගත් තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිඥ බී.පී.එස්.එම්. පතිරත්න විසින් ගොනු කර ඇති පෙත්සම සලකා බලන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු අර්ජුන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x