සරසවිය සිනමා සම්මාන උලෙළ 2024 . . .

දේශීය සිනමාවේ මහා කලා මංගල්‍යය වන සරසවිය සිනමා සම්මාන උලෙළ අද (28) පස්වරු 6.00 සිට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. වසර 60ක් සපුරන සරසවිය පුවත්පත මේ සම්මාන උලෙළ පවත්වන්නේ 35 වැනි වරටය. ලක්ස් අනුග්‍රහයෙන් පවත්වන මේ සම්මාන උලෙළ සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස ආචාර්ය මාලනී ෆොන්සේකා සහභාගී වේ.

නිල බැංකු සහකරු ලෙස කොමර්ෂල් බැංකුවත්, නිල විදත් මාධ්‍ය සහකරු ලෙස ස්වාධීන රූපවාහිනී නාළිකාවත් කටයුතු කරයි. මෙවර සම්මාන පිරිනමනු ලබන්නේ 2019 වසරේ සහ 2020 වසරේ තිරගත වූ සිනමාපට සඳහාය.

ඒ අතරින් වසර දෙකකදී ඉදිරිපත් කළ සිනමා පට 40ක් සඳහා ජූරිය විසින් තෝරා ගන්නා සම්මාන සමඟ සම්මාන 64ක් පිරිනැමීමට නියමිතය. 2019 වසරේ තිරගත වූ චිත්‍රපට 30ක් අතරින් 28ක්ද, 2020 වසරේ තිරගත වූ චිත්‍රපට 12ක්ද ඒ ඒ වසරවල දී තරගකාරී අංශයේ සම්මාන 24ක් උදෙසා වෙන වෙනම තරග වදිනු ඇත. එම සම්මාන පිරිනමනු ලබන්නේ ස්වාධීන ජූරි සභික මණ්ඩලයක් විසිනි.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

රෝස්ව ජීවත් කරවූ ලී කැබැල්ල වෙන්දේසියේ . . .

Thu Mar 28 , 2024
සුප්‍රසිද්ධ ටයිටැනික් චිත්‍රපටයට අනුව රෝස්ගේ දිවි ගලවා ගැනීමට උපකාර වූ පාවුණු ලී කැබැල්ල වෙන්දේසියේදී අමෙරිකානු ඩොලර් 718,750කට අලෙවි වී තිබේ. අමෙරිකාවේ පිහිටි හොලිවුඩ් සිනමා භාණ්ඩ පාදක කරගත් අවන්හල් සහ නිවාඩු නිකේතන සමාගමක් වන ‘ප්ලැනට් හොලිවුඩ්’ සමාගමට අයත් භාණ්ඩ හා ඇඳුම් වෙන්දේසියකදී මෙම ලී කැබැල්ල අලෙවි කර ඇත. 1997 දී තිරගත […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x