ඥානසාර හිමියෝ ජම්පරේ භාර ගනිති . . .

ජාතීන් අතර අසමඟිය ඇති කිරීමේ චෝදනාවට වැරදිකරුව වසර හතරක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වැලිකඩ බන්ධනාගාරයේ ‘R’ වාට්ටුවට යොමු කර තිබේ. පාර්ලිමේනතු මන්ත්‍රී සරත් ෆොන්සේකා වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටියේ ද මෙම ‘R’ සිර මැදිරියේය.

ඊයේ (28) පස්වරු 1.00ට පමණ වැලිකඩ බන්ධනාගාරයට රැගෙන ආ ඥානසාර හිමියන්ට සිරකරුවන්ට බන්ධනාගාරයෙන් ලබා දෙන සිර ඇඳුම (ජම්පරය) බන්ධනාගාර නිලධාරින් විසින් ලබා දී ඇති අතර උන් වහන්සේ එම ඇඳුම ඇඳීමට මෙවර කිසිදු විරෝධතාවක් පළ කර නැතැයි බන්ධනාගාර ආරංචි මාර්ග කියයි. තමන් එය සිරමැදිරිය තුළට ගොස් ඇඳ ගැනීම සිදු කරන බවට උන් වහන්සේ බන්ධනාගාර නිලධාරින්ට පවසා ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කරයි. වැලිකඩ බන්ධනාගාරයේ ‘R’ වාට්ටුවේ රඳවා සිටින ඥානසාර හිමියන්ව, ඊයේ (28) ලියාපදිංචි කිරීම් සිදු නොකළ අතර එය අද (29) සිදු කර සිර අංකයක් ලබා දීමට නියමිතය.

එමෙන්ම අද (29) උන් වහන්සේ වෙනත් නවක රැඳවූවන් මෙන්ම බන්ධනාගාර වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීම ද සිදු කෙරෙනු ඇත. වෙනත් සිරකරුවන් බන්ධනාගාරගත කිරීමේදී බන්ධනාගාර දෙපාර්තමේන්තුව අනුගමනය කරන සාමාන්‍ය ක්‍රමවේදය ඥානසාර හිමියන් සඳහා ද අනුගමනය කළ බවත් උන් වහන්සේ සාමාන්‍ය පරිදි සිර වාට්ටුව තුළ සාමකාමීව ගත කරන බවත් උසස් බන්ධනාගාර නිලධාරියකු ‘දිනමිණට’ කීය. මෙයට පෙරද වසර 6ක සිරදඬුවමක් ලැබූ උන් වහන්සේ වසර 2කට ආසන්න කාලයකින් පසුව 2019 මැයි මස 23 වැනි දින ජනාධිපති සමාව මත නිදහස් කරනු ලැබිණි.

  • dinamina

 

 

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

සයිනොපෙක් සමාගමෙන් ඉන්ධන පිරිපහදුවක් . . .

Fri Mar 29 , 2024
චීනයේ සයිනොපෙක් සමාගම විසින් මෙරට ඉදිකිරීමට නියමිත ඉන්ධන පිරිපහදුවේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට කැමැත්ත ප්‍රකාශ කර ඇත. සයිනොපෙක් සමාගමේ නියෝජිතයින් පිරිසක් තමාට ඒ බව දැන්වූ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර X පණිවුඩයක් නිකුත් කරමින් පැවසීය. එම සාකච්ඡාව  27දා කොළඹදී පවත්වා ඇත. නව පිරිපහදුව හම්බන්තොට ස්ථාපනය කිරීමට නියමිත […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x