බාල ඖෂධ දහසයක් භාවිතයෙන් ඉවතට . . .

ගෙවුණු මාස තුනට තත්ත්වයෙන් බාල ඖෂධ හා ශල්‍ය උපකරණ දහසයක් භාවිතයෙන් ඉවත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශය පෙන්වා දෙයි.

ප්‍රතිජිවක ඖෂධ, අක්ෂි දියර, දියවැඩියාව සහ කැස්ස යන රෝගවලට ලබාදෙන ඖෂධ, කැනියුලා, රුධිර කාන්දුකරණ රසායන ද්‍රව්‍ය ඒ අතර වෙයි.

තවද සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ ඇති රත්මලානේ පිහිටි රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව සෑදු දියවැඩියාව ඖෂධයක් ද ප්‍රමිතියෙන් තොර බව වෛද්‍ය සැපයුම් අංශය තහවුරු කර ඇත.

මේ වනවිට මෙම ඖෂධ සහ ශල්‍ය උපකරණ රොහල්වලින් ඉවත් කර තිබේ .

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදි අදහස් දැක්වු සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජිව ප්‍රකාශ කළේ තත්ත්වයෙන් බාල ඖෂධ රෝගීන්ට ලබා දීම තුළින් ඔවුන්ගේ ජිවිත සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවාවේ වගකීම පිළිබඳ ප්‍රශ්නයක් මතුව ඇති බවය.

  • වරුණි පෙරමුණ
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අහෝසියි . . .

Fri Mar 29 , 2024
විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කිරීමට සිදුකළ යෝජනාව කැබිනට් මණ්ඩලය පිළිගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි. දේශීය ගොවීන් සහ නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා තීරු බද්ද හා බැඳුණු නව බද්දක් හඳුන්වා දෙන බවද ඔහු සඳහන් කළේය. අද (29) උදෑසන රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x