රුසියා යුද්දෙට යන්න ලාංකිකයෝ පෝලිමේ . . .

මෙරට පවතින ආර්ථික අපහසු තත්ත්වය හමුවේ රුසියානු පුරවැසි භාවය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන්  ශ්‍රී ලාංකිකයන් සිය ගණනක් රුසියානු හමුදාවට බැඳී ඇති බව එරට සිටින ශ්‍රී ලාංකිකයන් කිහි පදෙනකු ප්‍රකාශ කළ බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය.

රුසියානු හමුදාවට බැඳුණු ශ්‍රී ලාංකිකයකු මසකට ඇමෙරිකානු ඩොලර් 3000 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 9 ක් පමණ) වැටුපක් ලැබෙන බවද එම ශ්‍රී ලාංකිකයන් ප්‍රකාශ කළ බව අල් ජසීරා පුවත් සේවය සඳහන් කළේය.

ශ්‍රී ලංකා හමුදාවෙන් විශ්‍රාම ගෙන සිටින සොල්දාදුවන් බොහෝ පිරිසක් මේවන විට රුසියානු හමුදාවට බැඳීමට උත්සාහ දරමින් සිටින බවත් ඔවුන් තම පවුලට හොඳ කාලයක් උදා කර දීම සඳහා යුක්රේන හමුදාව අතින් ඝාතනයට ලක් වීමට පවා ඔවුන් සූදානමින් සිටින බවත් අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය.

ශ්‍රී ලංකා හමුදාවෙන් විශ්‍රාම ගත් 27 හැවිරිදි නිපුණ සිල්වා මෙම මස මුලදී යුක්රේන හමුදා ප්‍රහාරයකින් මියගිය බව ඔහු සමඟ රුසියානු හමුදාවේ සේවය කළ 36 හැවිරිදි සේනක බණ්ඩාර අල් ජසීරා පුවත් සේවයට ප්‍රකාශ කර ඇත.

ඩොනෙට්ස්ක් නගරයේ බංකරයක සේවය කරමින් සිටියදී එල්ල වුණු යුක්රේන හමුදාවේ ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් නිපුණ මියගිය බව සේනක බණ්ඩාර පැවැසුවේය.

ප්‍රහාරයෙන් නිපුණගේ පපුවට, අත් වලට සහ පාද වලට තුවාල වී අධික ලෙස රුධිරය වහනය වූ බවත් තමන් නිපුණව කර තබාගෙන පැමිණෙද්දී තවත් ප්‍රහාරයක් එල්ල වීම හේතුවෙන් ඔහුව දමා ඒමට සිදු වූ බවත් සේනක බණ්ඩාර ප්‍රකාශ කර ඇත.

  • විමුක්ති එස් රුද්‍රිගු
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ඥානසාර හිමියෝ ජම්පරේ භාර ගනිති . . .

Fri Mar 29 , 2024
ජාතීන් අතර අසමඟිය ඇති කිරීමේ චෝදනාවට වැරදිකරුව වසර හතරක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වැලිකඩ බන්ධනාගාරයේ ‘R’ වාට්ටුවට යොමු කර තිබේ. පාර්ලිමේනතු මන්ත්‍රී සරත් ෆොන්සේකා වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටියේ ද මෙම ‘R’ සිර මැදිරියේය. ඊයේ (28) පස්වරු 1.00ට පමණ වැලිකඩ බන්ධනාගාරයට රැගෙන ආ ඥානසාර හිමියන්ට සිරකරුවන්ට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x