සයිනොපෙක් සමාගමෙන් ඉන්ධන පිරිපහදුවක් . . .

චීනයේ සයිනොපෙක් සමාගම විසින් මෙරට ඉදිකිරීමට නියමිත ඉන්ධන පිරිපහදුවේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට කැමැත්ත ප්‍රකාශ කර ඇත.

සයිනොපෙක් සමාගමේ නියෝජිතයින් පිරිසක් තමාට ඒ බව දැන්වූ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර X පණිවුඩයක් නිකුත් කරමින් පැවසීය.

එම සාකච්ඡාව  27දා කොළඹදී පවත්වා ඇත.

නව පිරිපහදුව හම්බන්තොට ස්ථාපනය කිරීමට නියමිත අතර ඊට අදාළ එකඟතා ගිවිසුම් කඩිනමින් අත්සන් කිරීමට සයිනොපෙක් සමාගම එකඟ වී තිබුණි.

එම ව්‍යාපෘතිය සඳහා ආයෝජනය වැඩි කිරීමටත් පිරිපහදුවේ ධාරිතාවය වැඩි කිරීමටත් එකඟ වී ඇති අතර ව්‍යාපෘතිය ජූනි මාසයේදී ආරම්භ කිරීමට නියමිතය.

එම ව්‍යාපෘතිය සඳහා පසුගිය නොවැම්බර් මාසයේදී කැබිනට් අනුමැතිය හිමිවූ අතර එහි ආයෝජනය සඳහන් වූයේ ඩොලර් බිලියන 4.5ක් ලෙසට ය.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙක් පළා යති . . .

Fri Mar 29 , 2024
අනුරාධපුර එළිමහන් බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් දෙදෙනෙකු අද (මාර්තු 29) දහවල් පළා ගොස් ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක පවසයි. mawbima.lk සිදු කළ විමසීමකදී ඔහු මේ බව සඳහන් කළේ ය. ඔහු සඳහන් කළේ, පළා ගොස් ඇති රැඳවියන් දෙදෙනා අනුරාධපුරේ ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ සහ කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x