ප්‍රතිජීවක විෂ වී රෝගියෙක් මරුට . . .

රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකුට ලබාදුන් ප්‍රතිජීවක එන්නතක මතුවූ සංකූලතා මත එම රෝගියා මිය යාම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

කන්දකැටිය ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පිරිමි පුද්ගලයකු එලෙස මියගොස් තිබේ.

මෙම පුද්ගලයාට ඇතිවූ කනේ අමාරුවකට ප්‍රතිකාර ගැනීම සඳහා ඔහු රාගම ශික්ෂණ රෝහලට ඉකුත් දා ඇතුළත් වී තිබේ.

එම රෝහලේ 21 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියාට එන්නත් මාත්‍රා 11ක් දී තිබෙන අතර, 12 වැනි එන්නත් මාත්‍රාව දීමෙන් අනතුරුව ඇතිවූ සංකූලතා මත මියගොස් තිබෙන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

අදාළ එන්නත නිෂ්පාදනය කරනු ලබන්නේ හොරණ පිහිටි ඖෂධ නිෂ්පාදන සමාගමක බවද වාර්තා වෙයි.

  • ඉෂාර රත්නකාර
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

මැර දේශ­පා­ල­නඥයා හෘද­යා­බා­ධ­ය­කින් ජීවි­ත­ක්ෂ­යට . . .

Sat Mar 30 , 2024
පුද්ගල ඝාතන කිහි­ප­යක් සම්බ­න්ධව වර­ද­කරු වී ජීවි­තා­න්තය දක්වා සිරදඬු­වම් විඳි­මින් සිටි ඉන්දි­යාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ බහු­ජන සමාජි පක්ෂයේ ප්‍රබල දේශ­පා­ල­නඥ­යකු වූ මුක්තාර් අන්සාරි හෘද­යා­බා­ධ­ය­කින් ජීවි­ත­ක්ෂ­යට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 60 හැවි­රිදි මුක්තාර් අන්සාරි ජීවි­තා­න්තය දක්වා සිර­ද­ඬු­ව­මට ලක්ව සිටියේ ව්‍යාජ අවි­ආ­යුධ බල­පත්‍ර නඩු­ව­කට වර­ද­කරු වීමෙනි. ඊට පෙර ඔහු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x