බැල්ටි­මෝර් පාලමේ අනතුරට ඉති­හා­ස­ගත රක්ෂ­ණ වන්දි­යක් . . .

බැල්ටි­මෝර් නුවර පාලම කඩා වැටී­මෙන් සිදු වූ හානිය සඳහා වන රක්ෂණ මුදල අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 3 ඉක්ම­වනු ඇතැයි ද, එය එතෙක් මෙතෙක් ඉති­හා­සයේ තනි අන­තු­ර­කට ගෙවනු ලබන විශා­ල­තම සමුද්‍ර රක්ෂ­ණය වනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බැල්ටි­මෝර් වරායේ සිට ගමන් ආරම්භ කළ සිංග­ප්පූ­රු­වට අයත් භාණ්ඩ නෞකා­වක් ගැටී­මෙන් ෆ්‍රැන්සිස් ස්කොට් කී නමැති එම පාලම මුළු­ම­නින්ම කඩා වැටුණු අතර, පුද්ග­ල­යන් 6 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත්වූ බව ද වාර්තා විය.

කඩා වැටුණු පාලම මෙන්ම ඊට මුල් වූ නෞකාව ද රක්ෂ­ණය කර ඇති බැවින් අන­තුරේ මූල්‍ය­මය පාඩුව පියවා ගැනී­මට හැකි වුවද, පාලම කඩා වැටී­මෙන් වරායේ භාණ්ඩ ප්‍රවා­හන මෙහෙ­යු­මට සිදු වූ පාඩුව පියවා ගැනී­මට නොහැකි විශාල අර්බු­ද­යක් වනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

පසු­ගිය වස­රේදී පම­ණක් අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 80ක භාණ්ඩ හුව­මාරු වූ මේ වරාය ජාතික සහ ජාත්‍ය­න්තර ආර්ථි­කයේ වැද­ගත් සැප­යුම් මාර්ග­යක් බවත් මේරි­ලන්ඩ් පළාතේ ආණ්ඩු­කාර ආණ්ඩු­කාර වෙස් මුවර් ප්‍රකාශ කර තිබිණි. පාල­මෙහි සුන්බුන් ඉවත් කර වරායේ පිවි­සුම් මාර්ගය යළි විවෘත කරන තුරු ඩොලර් මිලි­යන 15ක පමණ දෛනික පාඩු­වක් විඳ ගැනී­මට සිදු­වනු ඇතැයි ද වාර්තා වේ.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

බෝනස් ඉල්ලා ගාමන්ට් සේවකයින් උද්ඝෝෂණයක . . .

Sat Mar 30 , 2024
අප්‍රේල් මස ලබාදෙන වාර්ෂික දිමනාව කප්පාදු කිරිම සහ වැටුප් වැඩි නොකිරිමට විරෝධය පාමින් නුවරඑළිය හවාඑළිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයින් උද්ඝෝෂණයක නිරත විය. සේවක සේවිකාවන් 900 ට ආසන්න පිරිසක් සේවය කරන මෙම ඇඟලුම් කර්මාන්ත ශාලාව ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරත වු සේවක සේවිකාවන් කියා සිටියේ අවුරුදු ගණනාවක් පුරාවට අඩු පඩියට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x