මැර දේශ­පා­ල­නඥයා හෘද­යා­බා­ධ­ය­කින් ජීවි­ත­ක්ෂ­යට . . .

පුද්ගල ඝාතන කිහි­ප­යක් සම්බ­න්ධව වර­ද­කරු වී ජීවි­තා­න්තය දක්වා සිරදඬු­වම් විඳි­මින් සිටි ඉන්දි­යාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ බහු­ජන සමාජි පක්ෂයේ ප්‍රබල දේශ­පා­ල­නඥ­යකු වූ මුක්තාර් අන්සාරි හෘද­යා­බා­ධ­ය­කින් ජීවි­ත­ක්ෂ­යට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

60 හැවි­රිදි මුක්තාර් අන්සාරි ජීවි­තා­න්තය දක්වා සිර­ද­ඬු­ව­මට ලක්ව සිටියේ ව්‍යාජ අවි­ආ­යුධ බල­පත්‍ර නඩු­ව­කට වර­ද­කරු වීමෙනි. ඊට පෙර ඔහු භාර­තීය ජනතා පක්ෂ­යට නාය­ක­ත්වය දෙමින් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ දේශ­පා­ලන කට­යු­තු­වල නිර­තව සිටි ක්‍රිෂ්ණා­නන්ද් රායි ඇතුළු පුද්ග­ල­යන් කිහි­ප­දෙ­නකු 2005 වස­රේදී වෙඩි තබා ඝාත­නය කිරීමේ චෝද­නා­වට ලක්ව වසර 10ක සිරදඬු­වම් විඳි­මින් සිටි­යේය.

අනූව දශ­ක­යේදී සංවි­ධා­නා­ත්මක අප­රාධ කල්ලි­ය­කට නාය­ක­ත්වය දෙමින් කප්පම් ගැනීම් සහ පැහැ­ර­ගෙන යෑම් ඇතුළු විවිධ අප­රාධ රැසක් සිදු කර පසුව දේශ­පා­ල­න­යට පිවිසි මුක්තාර් අන්සා­රිට හෘද­යා­බා­ධ­යක් වැල­ඳීම සඳහා වස මිශ්‍ර ආහාර ලබා දී ඇතැයි ඔහුගේ පුත්‍රයා උමර් අන්සාරි චෝදනා කර ඇතැයි ද වාර්තා වේ. තමාට වස මිශ්‍ර ආහාර ලබා­දීම හේතු­වෙන් ස්නායු වේද­නා­ව­කින් පීඩා විඳින බව මියයෑමට දින 10කට පෙර මුක්තාර් අන්සාරි අධි­ක­ර­ණ­යක පෙනී සිටි අව­ස්ථාවේ ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ. මේ පිළි­බඳ විම­ර්ශ­නය කිරී­මට උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත රජය ත්‍රිපු­ද්ගල විනි­සුරු මණ්ඩ­ල­යක් පත් කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ජනාධිපතිවරණයට අපි සූදානම් . . .

Sat Mar 30 , 2024
ජනාධිපතිවරණය සඳහා මැතිවරණ කොමිෂන් සභාව සියලු කටයුතු සූදානම් කර ඇතැයි එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක පැවසීය. ජනාධිපතිවරණය මේ වසර අග ස්ථිරයින්ම පැවැත්විය යුතු බවද හෙතෙම සඳහන් කළේය. ජනාධිපතිවරණය සඳහා රුපියල් කෝටි 1000 ක් දැනටමත් වෙන් කර ඇතැයි පැවසූ සභාපතිවරයා වියදම් අනුව තවත් මුදල් පසුව ලබාගත හැකි වනු ඇතැයිද ප්‍රකාශ කළේය. මේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x