විකල්ප නැකැත්කරුවන්ට මරණ තර්ජන . . .

රාජ්‍ය නැකැත් කමිටුව සකසා ඇති අලුත් අවුරුදු නැකැත් සීට්ටුවට පටහැනිව අදහස් පළකිරීම හේතුවෙන් තමාට ජීවිත තර්ජන එල්ල වී ඇතැයි ජාතික ජ්‍යොතිර්වේදීන්ගේ සංගමයේ ජාතික නැකැත් කමිටුවේ සාමාජික රොෂාන් චානක තිසේරා පැවසීය.

රාජ්‍ය නැකැත් කමිටුවේ අවුරුදු නැකැත් සීට්ටුව විවේචනය නොකරන ලෙසටත්, විකල්ප නැකැත් ඉවත්කර ගන්නා ලෙසටත්, එසේ නොකළහොත් මරා දමන බවටත් විවිධ ක්‍රම මගින් මරණීය තර්ජනය එල්ල වන බව ඔහු කීවේ ය.

විවිධ පුද්ගලයන් නිර්නාමිකව එල්ල කරන තර්ජන පිළිබඳව පොලිසියේ උසස් නිලධාරීන් දැනුවත් කළ බව ද හෙතෙම සඳහන් කළේ ය.

ජාතික ජ්‍යොතිර්වේදීන්ගේ සංගමයේ ජාතික නැකැත් කමිටුවේ සාමාජිකයෙකු වශයෙන් රාජ්‍ය නැකැත් කමිටුවේ අවුරුදු නැකැත් වැඩි වශයෙන් විවේචනය කරනු ලැබූයේ තමන් බව පැවසූ හෙතෙම මේ හේතුවෙන් තනිව මහමග ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි ප්‍රකාශ කළේ ය.

රාත්‍රි කාලයට අවුරුදු නැකැත් යෙදෙන පරිදි රාජ්‍ය නැකැත් කමිටුව සකස් කර ඇති නැකැත් සීට්ටුවේ වැරදි පෙන්වා දීම තුළ ජාතික නැකැත් කමිටුවේ සාමාජිකයන්ට තනි තනිව තම තමන්ගේ ආරක්ෂාව සහතික කර ගැනීමට සිදුව ඇතැයි ද ඔහු කීය.

රාජ්‍ය නැකැත් කමිටුවේ නැකැත් සීට්ටුවේ වැරදි පෙන්වා දීමට පසුගිය කාලසීමාවේ තමා විශාල වැඩකොටසක් සිදුකළ බව පැවැසූ රොෂාන් චානක මේ පිළිබඳව රාජ්‍ය නැකැත් කමිටුවේ ඇතැම් සාමාජිකයන් උරණ වී සිටින බවත්, විකල්ප අදහස් ජනගත වීම වැළැක්වීමට ඔවුන් ලක්ෂ ගණනින් මුදල් වියදම් කරමින් සිටින බවත් සඳහන් කළේ ය.

තවදුරටත් ජීවිත තර්ජන එල්ල වුවහොත් රාජ්‍ය නැකැත් කමිටුවේ සාමාජිකයන්ට විරුද්ධව නීත්‍යනුකුලව පියවර ගන්නා බව ද හෙතෙම ප්‍රකාශ කළේ ය.

  • Amith Maduranga Gamage
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

අප්‍රේල් 8 වැනිදා පූර්ණ සූර්ය ග්‍රහණයක් . . .

Sat Mar 30 , 2024
අප්‍රේල් 8 වැනිදා පූර්ණ සූර්ය ග්‍රහණයක් සිදුවීමට නියමිතව ඇත. මෙම සූර්ය ග්‍රහණය හොඳින්ම දකින්න ලැබෙන්නේ උතුරු ඇමෙරිකාවට පමණක් බව ඇමෙරිකාවේ නාසා ආයතනය පවසයි. සූර්ය ග්‍රහණයක් ඇතිවන්නේ, සූර්යයාගේ කොටසක් හෝ සූර්යයා සම්පූර්ණයෙන්ම හෝ වැසී යන පරිද්දෙන් සූර්යයා සහ පෘථිවිය අතරින් සඳ ගමන් කරද්දීය. පූර්ණ සූර්ය ග්‍රහණයක් දකින්න ලැබෙන්නේ ඉතාමත් කලාතුරකිනි. උතුරු ඇමෙරිකානුවන්ට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x