Google අලුත්ම විශේෂාංගයක් හදුන්වා දෙයි . . .

Google Photos විසින් නවතම විශේෂාංගයක් හඳුන්වා දී තිබෙන බව වාර්තා වනවා. ඒ, ඡායාරූප බෙදාගැනීම පහසුකිරීමේ අරමුණින් බවයි පැවසෙන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, මෙම Favorite Shortcut එක හරහා ඡායාරූප බෙදාගැනීමේ ප්‍රියතම පුද්ගලයා තෝරාගත හැකි බවයි.

එලෙස සිදු කිරීමෙන් ඔවුන් සමඟ උසස් තත්ත්වයේ ඡායාරූප බෙදා ගැනීම පහසු වීම ද විශේෂත්වයක්.

මෙම විශේෂංගය තුළින් පරිශීලකයින්ට ඔවුන්ගේ ප්‍රියතම අවස්ථාවන් කිසිදු කරදරයකින් තොරව ඔවුන් කැමති පුද්ගලයා සමඟ කඩිනමින් බෙදා ගැනීමට හැකි වනු ඇති බවයි පැවසෙන්නේ.

මෙම විශේෂාංගය Android 6.76 මෙහෙයුම් පද්ධතිය හරහා Google Photos භාවිත කරන්නන් සඳහා පමණක් ලබා ගත හැකි බවයි සඳහන් වන්නේ.

OnePlus ඡායාරූප යෙදවුම මේ වනවිට Google ඡායාරූප සමඟ ඒකාබද්ධ කිරීමට ලක් කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

ඔවුන්ගේ ඡායාරූප සෘජුවම Google ඡායාරූප වෙත Upload කිරීමට සහ OnePlus යෙදුමෙන් ඔවුන්ගේ සම්පූර්ණ Google Photos Library වෙත ප්‍රවේශ වීමට ඉඩ සලසා දීම විශේෂත්වයක්.

  • Aruna

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

බැල්ටි­මෝර් පාලමේ අනතුරට ඉති­හා­ස­ගත රක්ෂ­ණ වන්දි­යක් . . .

Sat Mar 30 , 2024
බැල්ටි­මෝර් නුවර පාලම කඩා වැටී­මෙන් සිදු වූ හානිය සඳහා වන රක්ෂණ මුදල අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 3 ඉක්ම­වනු ඇතැයි ද, එය එතෙක් මෙතෙක් ඉති­හා­සයේ තනි අන­තු­ර­කට ගෙවනු ලබන විශා­ල­තම සමුද්‍ර රක්ෂ­ණය වනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බැල්ටි­මෝර් වරායේ සිට ගමන් ආරම්භ කළ සිංග­ප්පූ­රු­වට අයත් භාණ්ඩ නෞකා­වක් ගැටී­මෙන් ෆ්‍රැන්සිස් ස්කොට් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x