ආදායම 166,000 නම් බදු අනිවාර්යයි . . .

වැට් බද්ද සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද සඳහා ලියාපදිංචි වීම සඳහා පැවැති වාර්ෂික ආදායම රුපියල් මිලියන 80 සීමාව රුපියල් මිලියන 60ක් දක්වා අඩු කර තිබේ. මේ අනුව දිනකට රුපියල් එක්ලක්ෂ හැට හය දහසක් උපයන රටේ වෙළෙඳුන් විශාල පිරිසකට බදු ලිපිගොනු විවෘත කිරීමට සිදුවනු ඇත.

දැනට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වැට් බදු ලිපිගොනු 12,000ත් 13,000ත් අතර සංඛ්‍යාවක් පවතින එම සංඛ්‍යාව මේ වසර තුළ 50,000ක් ඉක්මවා යනු ඇතැයි රජයේ බදු අංශ අනුමාන කර තිබේ.

මේ අනුව වාර්ෂික ආදායම රුපියල් මිලියන 60ක් උපයන පුද්ගලයන් සියලු දෙනාද බදු ගෙවීම සඳහා අනිවාර්යයෙන්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතුය.

මෙය මේ වසරේ ජනවාරි මස පළමුවැනිදා සිට මෙම බදු අයකිරීම ක්‍රියාත්මක වන අතර, ඊට අදාළ පනත පාර්ලිමේන්තුවේ ඉකුත් සතියේදී සම්මත විය.

  • සාලිය කුමාර ගුණසේකර
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

පළමු ඩ්‍රෝන ගුවන් අධිවේගී මාර්ගය . . .

Sun Mar 31 , 2024
ලොව ප්‍රථම ඩ්‍රෝන යානා සඳහා වෙන්වූ ගුවන් අධිවේගී මාර්ගය එක්සත් රාජධානියේදී ලබන ජූනි සහ ජූලි මස අතරතුරදී විවෘත වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත් රාජධානිය පුරාවට නියමුවන් රහිත ඩ්‍රෝන වලින් අධිවේගී බෙදාහැරීම් කටයුතු සිදු කිරීමට මෙම අධිවේගී මාර්ගය ඉඩ ලබා දෙනු ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.ඩ්‍රෝන සඳහා මෘදුකාංග සපයන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x