කේක් අඩුවට දෙන්න පුලුවන් . . .

බිත්තරයක් රුපියල් 35ක මුදලකටත්, මාගරින් සඳහා පනවා ඇති බදු නිදහස් කළහොත් කේක් කිලෝවක මිල රුපියල් 400ක් දක්වා පහළට ගෙන ඒමට හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන සඳහන් කළේ රුපියල් 35ක මුදලකට බිත්තරයක් ලබාදෙන්නේ නම් කේක් කිලෝවක් රුපියල් 100කින් පහත දැමිය හැකි බවයි.

මේ වනවිට වෙළඳපොළේ හොඳ තත්ත්වයේ කේක් කිලෝවක් රුපියල් දහසක පමණ මිලකට අලෙවි වන අතර, මාගරින් කිලෝවක් සඳහා රුපියල් 900ක බදු මුදලක් පනවා තිබේ.

එම බදු මුදල ද ඉවත් කරන්නේ නම් කේක් කිලෝවක් රුපියල් 400ක මුදලකට පාරිභෝගිකයා වෙත ලබාදිය හැකි බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ඥානසාර හිමිගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වේ . . .

Tue Apr 2 , 2024
2016 වසරේ කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවක් අතරතුරදී ආගමික සංහිඳියාව කඩවන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළේ යැයි වරදකරු කොට වසර හතරක සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ඇපමත මුදා හැරීමට තරම් සුවිශේෂී කරුණු අනාවරණය නොවන හෙයින් උන්වහන්සේගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x