අල්ලස් කොමිසමට එරෙහිව සුජීවගෙන් පෙත්සමක් . . .

අල්ලස් කොමිසම විසින් තමන්ට එරෙහිව සිදු කරනු ලබන විමර්ශනයක් අභියෝගයට ලක් කරමින් හිටපු අමාත්‍ය වරයෙකු වූ සුජීව සේනසිංහ විසින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා ජුනි මස 03 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) දින නියම කළේය.

මෙම පෙත්සම අද ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විතය ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම අද දිනම සලකා බලා තීන්දුවක් ලබාදන ලෙස ඉල්ලා සිටියේය. පෙත්සම සලකා බැලීම කල් දැමීම තුළින් අල්ලස් කොමිසම විසින් සිදු කරනු ලබන මෙම විමර්ශනයද පමා විය හැකි බවත් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු පෙන්වා දුන්නේය.

එම අවස්ථාවේදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා කියා සිටියේ මෙම පෙත්සම සලකා බැලීම සඳහා දිනයක් ලබාදෙන ලෙසයි.

ඒ අනුව අදාළ පෙත්සම සලකා බැලීම සඳහා ජුනි මස 03 වනදා කැඳවන ලෙසත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළහ.

චෙක්පත් සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් තමන්ට එරෙහිව ආරම්භ කර තිබෙන විමර්ශනයකින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය සුජීව සේනසිංහ විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබේ.

  • කේ.එස්.උදයකුමාර
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ඉංග්‍රීසි ගුරුවරුන් 500ක් සේවයට . . .

Wed Apr 3 , 2024
උසස් තාක්ෂණ අධ්‍යාපන ඩිප්ලෝමාව හැදැරූ 500 දෙනෙකු ඉංග්‍රීසි ගුරුවරුන් ලෙස සේවයට බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ, දිවයිනේ පවතින ඉංග්‍රීසි ගුරු හිඟයට පිළියමක් ලෙසයි. අමාත්‍යාංශය පැවසුවේ 2021 වසරේ පැවති තරග විභාගයේ ප්‍රතිඵල මත එම පිරිස බඳවා ගන්නා බවයි. ඔවුන් දැනට ඉංග්‍රීසි ගුරු පුරප්පාඩු පවතින ජාතික හා පළාත් පාසල්වලට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x