නීතිඥවරයාගේ නඩුවෙන් විනිසුරුවරු ඉවත් වෙයි . . .

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් මේ වනවිට නීතිඥ භාවය අත්හිටුවා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සුසිල් ප්‍රියන්ත ජයතුංග ට එරෙහි පැමිණිල්ල සලකා බැලීමේ කටයුතුවලින් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක සමාජික විනිසුරුවරු තිදෙනා අද (03) ඉවත් වූහ.

මෙම පැමිණිල්ල අද එස්. තුරෙයි රාජා කුමුදුනී වික්‍රමසිංහ සහ අචල වෙංගප්පූලි අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවන ලදී.

එම අවස්ථාවේදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජිකයින් ප්‍රකාශ කළේ තමන් මෙම නඩු විභාගයෙන් ඉවත් වන බවයි.

වග උත්තරකාර නීතිඥවරයා තමන්ට එරෙහිව පෞද්ගලික මට්ටමින් චෝදනා එල්ල කර ඇති බැවින් තමන් මෙම නඩු විභාගයෙන් ඉවත්වන බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවරු සඳහන් කළහ.

මෙම අවස්ථාවේදී රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අදාළ නීතිඥවරයා බන්ධනාගාර නිලධාරින් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

එම අවස්ථාවේ අධිකරණය හමුවේ පෙනී සිටි වග උත්තරකාර නීතිඥවරයා සඳහන් කර සිටියේ තමා කාලයක සිට සමේ රෝගයකින් පෙළෙන බවත් බන්ධනාගාරගත වීමෙන් පසුව එම රෝගී තත්ත්වය උත්සන්න වී ඇති බවයි.

බන්ධනාගාරගතව සිටීම නිසා තමන්ට නිසි ප්‍රතිකාර ලබාගැනීමට නොහැකි වී ඇතැයි සඳහන් කළ එම නීතිඥවරයා තමන්ව ඇප මත මුදාහරිණ ලෙසත් ඉල්ලා සිටියේය.

ඒ අනුව අදාල ඇප ඉල්ලීම සලකා බැලීම සඳහා අදාළ පැමිණිල්ල මේ මස 05 වනදා වෙනත් විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවන ලෙසත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළේය.

වග උත්තරකාර නීතිඥවරයා විසින් ගොනුකර තිබූ අභියාචනා පෙත්සමක් ඉකුත්දා විභාග කළ අවස්ථාවේදී විනිසුරුවරුන්ට අපහාසාත්මක ආකාරයෙන් කරුණු දැක්වීම සහ ඔවුන්ට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කිරීම තුළින් අධිකරණයට අපහාස කර ඇතැයි චෝදනා කරමින් ඔහුගේ නීතිඥ භාවය අත්හිටුවීමට තීරණය කර ඇති ශ්‍රේෂ්ඨාධිකරණය ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත් නියෝග කර තිබුණි.

  • කේ.එස්. උදය කුමාර
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ශ්‍රීලන්කන්ට තවත් යානා හතරක් . . .

Wed Apr 3 , 2024
පාඩු ලබමින් තිබෙන ශ්‍රීලන්කන් ගුවන් සමාගම සඳහා අමෙරිකන් ඩොලර් ලක්ෂ 7කට අධික මාසික වාරිකයක් ගෙවමින් තවත් ගුවන් යානා හතරක් කල්බදු ක්‍රමයට ලබා ගැනීමට රජය තීරණය කර ඇත. මේ යානා හතරෙන් දෙකක් වසර 6ක කාලසීමාවක් සඳහා මාසිකව අමෙරිකානු ඩොලර් 360,000ක බදු කුලියකට ද අනෙක් යානා දෙක වසර 8ක බදු කාල සීමාවකට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x