තවත් පිරමීඩ ආයතන අටක් . . .

පිරමීඩාකාර ව්‍යාපාරවල නිරත වන බවට හඳුනාගත් තවත් මූල්‍ය ආයතන අටක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ (22 වැනිදා) ප්‍රකාශයට පත්කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලැබුණු පැමිණිලිවලට අනුව 1988 අංක 30 දරන බැංකු පනතේ 83(ඇ) වගන්තිය උල්ලංඝනය කරමින් තහනම් යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන්නේද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් කර ඇත. එම විමර්ශන වාර්තා අනුව ආයතන අටක් බැංකු පනතේ 83(ඇ) වගන්තියට පටහැනි ලෙස ක්‍රියා කර ඇති බවට මහ බැංකුව තීරණය කර තිබේ.

එම ආයතන වන්නේ Beecoin App/Sunbrid Foundation, Fast Win (Pvt) Ltd, Fruugo Online App/ Fruugo Online (Pvt) Ltd, Genesis Business School/ Era Miracle (Pvt) Ltd, Isimaga International (Pvt) Ltd, Ledger Block, Qnet/Questnet සහ Ride to Three Freedom (Pvt) Ltd යන ඒවාය.

2023.08.24 දින පුවත්පත් මගින් පළකළ ආයතන 9ට අමතරව මහ බැංකුව විසින් මෙම නම් ලැයිස්තුව ප්‍රසිද්ධ කර තිබිණි. මෙම ආයතනවලට විරුද්ධව බැංකු පනතේ 83(ඇ) වගන්තිය යටතේ අපරාධමය නඩු කටයුතු පැවරීමට සලකා බලනු පිණිස නීතිපති වෙත මහ බැංකුව ඉල්ලීම් යොමු කර ඇත.

1988 අංක 30 දරන බැංකු පනතේ 83(ඇ) වගන්තියේ විධි විධාන කඩ කරන ආකාරයේ යෝජනා ක්‍රම කෙලින්ම හෝ අන්‍යාකාරයකින් ආරම්භ කිරීම, අර්පනය කිරීම, ප්‍රවර්ධනය, ප්‍රචලිත කිරීම, පැවැත්වීම, මුදල් සැපයීම, කළමනාකරණය කිරීම හෝ විධාන කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව මහ බැංකුව පෙන්වා දෙයි.

  • අනීෂා මානගේ
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

මිලියන 1.6කට වෙන්දේසි වූ සාරිය . . .

Tue Apr 23 , 2024
යාපනය පුංගුඩුතිව් කන්නකායි අම්මාන් කෝවිලක පැවති වෙන්දේසියක දී සාරියක් රුපියල් ලක්ෂ 16කට වෙන්දේසි වී තිබේ. ඓතිහාසික පුංගුඩුතිව් කන්නකායි අම්මාන් කෝවිලේ තීර්ථ මංගල්‍යයේ ඊයේ (22) පැවැති අතර, මේ සඳහා බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වී ඇත. එහිදී දෙවියන් වෙනුවෙන් නිර්මාණය කළ සාරියක් වෙන්දේසි කළ අතර, එම උත්සවය සඳහා පැමිණ සිටි කාන්තාවක් එම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x