ජපන් අවන්හලට ගිය ජනපති . . .

කොළඹ වරාය නගර පරිශ්‍රයේ පිහිටුවන ලද “නිහොන්බෂි” (Nihonbashi) ජපන් අවන්හල විවෘත කිරීම ඊයේ (24) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

1995 වසරේ ගාලු මුවදොර ටෙරස්හි ආරම්භ කළ පළමු නිහොන්බෂි ජපන් අවන්හල මෙරට සුප්‍රසිද්ධ සූපවේදියෙකු වන දර්ශන මුනිදාස විසින් මෙරටට දායාද කරන ලද ප්‍රමුඛ පෙළේ අවන්හලකි. ගතවුණු වසර 29ක් පුරාවට මෙම අවන්හල දෙස් විදෙස් සංචාරකයන් ඇතුළු මෙරට ජනතාවට ප්‍රණීත ජපන් ආහාර වේලක රස බැලීම සඳහා අවස්ථාව සලසා දී ඇත.

අවන්හල නිල වශයෙන් විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අතර පැමිණ සිටි පිරිස සමඟ සුහද කතාබහක ද නිරත විය.

එම අවස්ථාවට ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ඇතුළු සම්භාවනීය ආරාධිතයින් පිරිසක් එක්ව සිටියහ.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ගෝටාභයගෙන් නිවේදනයක් . . .

Thu Apr 25 , 2024
අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් විසින් මෑතක දී සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රතිචාර දක්වයි. ඔහු විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය. මාධ්‍ය නිවේදනය  අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් මට එරෙහිව කරන ලද චෝදනා පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට වසර පහක් පිරීම නිමිත්තෙන් පැවති සැමරීමක දී අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මට එරෙහිව පහත […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x