තලෙයිමන්නාරමේ සිට ධනුෂ්කොඩි දක්වා ගිය පිහිණුම්කරු මියයයි . . .

තලෙයිමන්නාරම් සිට ඉන්දියවේ ධනුෂ්කොඩි අරිචල්මුනෙයි දක්වා වූ මුහුදු සීමාව පිහිණමින් තරණය කිරීමින් සිටි ඉන්දියානුවන් 31 දෙනෙකුගෙන් ඒක් අයෙකු පිහිනමින් සිටියදී ඇති වූ හදීසි රෝගි තත්වයක් හේතුවෙන් මිය ගෙස් ඇතැයි රාමේෂ්වරන් පොලීසිය ඉන්දීය මාධ්‍ය වෙතට පවසා ඇත.

අදාල ඉන්දියානුවන් ඉන්දියාවේ ධනුෂ්කොඩි සිට තලෙයිමන්නරම් දක්වා බොට්ටුවකින් පැමිණ තලෙයිමන්නරම් සිට ධනුෂ්කොඩි අරිචල්මුනෙයි දක්ව වූ මුහුදු සීමාව පිහිනා තරණය කිරීම ආරම්භ කරන ලදි.

එහිදී 31 දෙනාගෙ කණ්ඩායමේ වායෝවෘද්ද පුද්ගලයෙකු වූ 78 හැවිරිදි ඉන්දියාවේ බැංගලෝරයේ පදිංචි ගෝපාල් රාඔි හට පිහිනමින් සිටයදී පපුවේ ඇති වූ හදීසි රෝගී තත්වයක් හේතුවෙන් පිහිනීම නවතා ඔවුන්ගේ බෝට්ටුවට ඇතුල්කර ගත්තද බොට්ටුව තුලදී මිය ගොස් තිබුණි.

මේ හේතුවෙන් ධනුෂ්කෙඩි දක්වා පිහිණමින් සිටි අනෙක් ඉන්දීය ජාතිකයින් 30 දෙනාද ඔවුන්ගේ පිහිනීම නවතා නැවත බේට්ටුව මගින් ධනුෂ්කොඩි දක්වා ගොස් ඒ පිළිබඳව රාමේෂ්වරන් පොලීසියට දැනුම් දෙනු ලැබීය.

අනතුරුව සිදුකරන ලද පශ්චාත් මරණ පරික්ෂණයේදී හෙලි වී ඇත්තේ මරණකරුට පිහිනමින් සිටියදී හදීසියේ ඇති වූ හෘද රෝගී තත්වයක්‌ හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවටය.

කෙසේ වෙතත් අදාල සිද්ධිය ස්මබන්ධයෙන් පිහිනීමට ගිය 30 දෙනාගෙන්ම ප්‍රකශ ලබාගෙන පුලුල් පරික්ෂණයක් ආරම්භ කිරීමට රාමේෂ්වරන් පොලීසිය විසින් පියවර ගෙන තිබුණි.

  • වන්නි රොමේෂ් මධූෂංඛ
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ත්‍රිරෝද රථ ජාවාරමක් අල්ලයි . . .

Thu Apr 25 , 2024
සොරකම් කරන ලද ත්‍රිරෝද රථ 4 ක් සමග 27 හැවිරිදි සැකකරුවෙක් 25 දා අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පවසයසි. පස්සර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු බදුල්ල නගරයේ නිවසක් කුලියට ගෙන මෙම ඡාවාරම සිදුකර ගෙන ගොස් ඇති බව විමර්ශන වලදී අනාවරණය වූ බවද පොලිසිය පැවසීය. සැකකරු සන්තකයේ තිබි ත්‍රීරෝද රථ 4 ක් සොයාගත් බවත් ඒවායේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x