සාම විනිසුරුට උසාවියෙන් අවවාද . . .

කුරුඳුවත්තේ පදිංචි මුළු දිවයිනටම සාමදාන විනිසුරුවෙකුට සාමය කඩ නොවන අයුරින් සාමයෙන් සිටින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමනේ ඊයේ (29 වැනිදා) අවවාද කළේය.

කුරුඳුවත්ත පොලිසිය කරන ලද ඉල්ලීමකට අනුව, කුරුඳුවත්ත, බැස්ටියන් චැපල් පාරේ පදිංචි මොහොමඩ් ඉලියාස් මොහොමඩ් රාසික් නමැත්තාට එලෙස අවවාද කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා, එම වගඋත්තරකරුට සාමයෙන් සිටින ලෙස දන්වමින් රුපියල් ලක්ෂයක බැඳුම්කරයකට ද යටත් කරනු ලැබීය.

පොදු පාරක් සම්බන්ධයෙන් වූ ආරවුලකට අදාළව, කුරුඳුවත්ත පොලිසිය මහජන සාමය පවත්වාගෙන යාම සඳහා 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහයේ 81 වන වගන්තිය යටතේ කරන ලද ඉල්ලීමක අනුව ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එම නියෝග නිකුත් කළේය.

වගඋත්තරකාර පාර්ශ්ව ගමන් ගන්නා මාර්ගයක් සම්බන්ධයෙන්, අසල්වැසි පදිංචිකරුවන් සමග ඇතිවන ආරවුල්, බැණවැදීම් පහරදීම් වැනි විවිධ හේතූන් මත, දෙපාර්ශ්වයම පොලිසිය වෙත කැඳවා අවවාද කර සමථයකට පත්කර තිබූ බව පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

නමුත් වගඋත්තරකාර පාර්ශ්වය දිගින් දිගටම පැමිණිලිකරුවන්ට කරදර කිරීම හේතුවෙන් සාමය කඩවී බරපතළ අපරාධයක් හෝ මනුෂ්‍ය ඝාතනයක් සිදුවීමට ඉඩ ඇති හෙයින් මේ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කළ බවද කුරුඳුවත්ත පොලිසියේ සැරයන් සමන් රාජපක්ෂ අධිකරණයට දන්වා සිටියේය.

මෙම සිද්ධියට අදාළ ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා පොලිසියට නියම කළේය.

  • ඉෂාර රත්නකාර
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

දිසාපතිගේ අත්සන හොරට ගහලා . . .

Wed May 1 , 2024
රජය ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කර ඇති මිහින්තලේ, මරදන්කුලම ප්‍රදේශයේ ‘මිහින්තලේ රක්ෂිතය’ නමින් හඳුන්වන ප්‍රදේශයේ අක්කර 18ක පමණ භූමියක් ව්‍යාපාරිකයකු විසින් බලහත්කාරයෙන් අල්ලා ගනු ලැබ තිබේ. එකී භූමිය සඳහා ව්‍යාජ බලපත්‍ර හතරක් සකස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිළිණ හේවාපතිරණගේ නියෝග මත අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x