රුවන්ඩාව – ලංකාව නිදහස් වීසා ගිවිසුමක . . .

රාජතාන්ත්‍රික-රාජකාරි හෝ විදේශ සේවා ගමන් බලපත්‍ර හිමි පුද්ගලයින් වීසා අවසරපත් බාර ගැනීමෙන් නිදහස් කිරීම සඳහා රුවන්ඩාව සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ශ්‍රී ලංකාව සහ රුවන්ඩාව අතර ද්විපාර්ශවික  සබඳතා වැඩිදියුණු කිරීමේ අරමුණින් රටවල් දෙකෙහි රාජතාන්ත්‍රික රාජකාරි හෝ සේවා විදේශ ගමන් බලපත්‍ර හිමි පුද්ගලයන් වීසා අවසර පත්‍ර ලබා ගැනීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කිරීම පිණිස අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම සඳහා 2019-5-7 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇති නමුත් එකී ගිවිසුමට මේ දක්වා අත්සන් තැබීමට නොහැකි වී ඇතැයි රජය කියයි.

දෙපාර්ශවය අතර එකඟ වී ඇති රාජතාන්ත්‍රික රාජකාරි හෝ සේවා විදේශ ගමන් බලපත්‍ර හිමි පුරවැසියන් දින තිහක් නොඉක්මන කාලසීමාවක් සඳහා වීසා අවසර පත්‍ර ලබා ගැනීමෙන් නිදහස් කිරීම සඳහා වන එකී අවබෝධතා ගිවිසුම රුවන්ඩාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් තැබීම පිණිස මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.

  • අංජුල මහික වීරරත්න
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

මාර්ග සංඥා අසල යාචකයින්ට සල්ලි දෙන්න එපා . . .

Wed May 1 , 2024
මාර්ග සංඥා අසළ මාර්ගයේ සිඟමනේ යෙදෙන යාචකයින්ට මුදල් ලබාදීමෙන් වළකින ලෙස රියැදුරන්ගෙන් පොලීසිය ඉල්ලා සිටී. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ සඳහන් කළේ සිඟමන් යදින පිරිස් සඳහා මුදල් ලබාදීමෙන් වැළැකී සිටියහොත් ඔවුන් එම ස්ථානයන් වෙත නොපැමිණෙනු ඇති බවයි. නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x