සුප්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පියා හදිසියේම අත්අඩංගුවට . . .

සුප්‍රසිද්ධ රූපලාවන්‍ය සහ නිරූපණ ශිල්පියෙක් කොළඹ වංචා විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගැනුණා.

බදු නොගෙවීම මත හම්බන්තොට වරාය ගාල් කර ඇති මෝටර් රථ නිදහස් කර දෙන බව පවසමින් පුද්ගලයින් කිහිප ගෙන් මුදල් වංචා කිරීමේ චෝදනා කිරීම මත තමයි මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙන්නේ.

මෝටර් රථ තුනක් නිදහස් කර දීමට මොහු පුරුදු වී මුදල් ගත් බවට පවසමින් පුද්ගලයන් තිදෙනකුගෙන් ලද පැමිණිලි ලැබී තිබුණා.

විමර්ශන කාර්යාංශය කරන ලද කැඳවීම මගහැර සිටි මෙම සැකකරු නීතිඥයකු මාර්ගයෙන් බාර වූ පසු අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔහු හෙට දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි ගගන වාර්තාකරු සදහන් කළේ.

  • සිතුමි
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

නියඟයෙන් වැඩිම හානිය කුරුණෑගල ගොවීන්ට . . .

Fri Aug 11 , 2023
මෙවර යල කන්නයට බලපෑ වියළි කාලගුණය හේතුවෙන් මේ වන විට වැඩි ම වගා හානි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ඩබ්.එම්.එම්. බී. වීරසේකර කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීරට දැනුම් දී ඇත. වියළි කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක වගා හානි සිදු වී ඇතත් දැනට සිදු කර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x