ශ්‍රී ලංකාවේ නිල සංචිත ප්‍රමාණය ඉහළට . . .

ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත ප්‍රමාණය පසුගිය මාර්තු මාසය වන විට අමෙරිකානු ඩොලර් බිලියන 05 දක්වා වැඩි වී ඇති බව ශ්‍රී ලංකා මහා බැංකුව සඳහන් කරයි.

දළ නිල සංචිත ප්‍රමාණය ඉහළ යාමට ප්‍රධාන වශයෙන් හේතූ වී ඇත්තේ මහ බැංකුව ශුද්ධ පදනම මත දේශීය විදේශීය විනිමය වෙළෙඳපලෙන් සැලකිය යුතු ලෙස විදේශ විනිමය මිලදී ගැනීමයි.

චීන මහ බැංකුවෙන් ලැබුණු විදේශ විනිමය හුවමාරු පහසුකමද මෙම නිල සංචිත සඳහා ඇතුළත්වේ.

එසේම මාර්තු මාසයේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,139ක් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එය පසුගිය වසරේ මාර්තු මාසයට සාපේක්ෂව සියයට 9.8ක ඉහළ යාමක් බවත් වාර්තා වේ.

අපනයන ආදායම ඉහළ යාම සඳහා කාර්මික භාණ්ඩ අපනයනය ඉහළ යාම ප්‍රධාන වශයෙන් දායක වී තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම පසුගිය වසරේ මාර්තු මාසයට සාපේක්ෂව මේ වසරේ මාර්තු මාසයේ දී ඉහළ ගොස් ඇති බවයි.

මේ වසරේ මාර්තු මාසයේ දී සංචාරක ඉපැයුම් ද ඉහළ ගොස් ඇති අතර විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ද මාර්තු මාසයේ දි අමෙරිකානු ඩොලර් මිලියන 572 දක්වා ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ රුපියල අතිප්‍රමාණය වීමේ ප්‍රවණතාව අඛණ්ඩව පවතින බවත් අප්‍රේල් මස 30 වන දින දක්වා කාලය තුළ දී අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 9.1කින් අතිප්‍රමාණය වී ඇති බවයි.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

එරික් සෝල්හයිම් උතුරේ සංචාරයක . . .

Thu May 2 , 2024
උතුරු පළාතේ සංචාරයක නිරත නෝර්වේ හිටපු විදේශ අමාත්‍ය සහ ජාත්‍යන්තර කාලගුණ විපර්යාසයන් පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ උපදේශක එරික් සෝල්හයිම් සහ උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම් චාල්ස්  අතර හමුවක් යාපනය ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණි. එහිදී යුද්ධයෙන් පසු උතුරු පළාතේ සංවර්ධනය පිළිබදව සහ යළි පදිංචි කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය හා ජනතාවගේ පවුල්වල ජීවන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x