ආණ්ඩුවෙන් ගිය මන්ත්‍රීවරු ආරක්ෂාව ඉල්ලති . . .

ආණ්ඩුවේ සිට විපක්ෂයට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසට බලධාරීන්ගෙන් ඉල්ලා සිටීමට විපක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමක් සූදානමින් සිටිති.

මේ පිළිබඳව විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමක් පසුගිය දා විශේෂ අභ්‍යන්තර සාකච්ඡාවක් පවත්වා ඇති බව දැන ගන්නට ඇත.

තම ජීවිතය නැති කිරීමට යමෙකු සිය ආහාරවලට වස මුසුකර ඇති බව හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ පසුගිය දා ප්‍රකාශ කර තිබූ අතර මේ පිළිබඳව ආණ්ඩුවේ ම වර්තමාන ජනතා විරෝධී ක්‍රියාමාර්ගවලට එරෙහිව කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් තමන්ට ද ජීවිත අවදානමක් එල්ල විය හැකි බවට බියෙන් පසුවන බව දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා විය.

හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ ඔහුට එල්ල වී ඇති ජීවිත අවදානම පිළිබඳව පසුගියදා කළ ප්‍රකාශය ඉතා බරපතළ බවද ඒ පිළිබඳ වහා ම ආණ්ඩුව පරීක්ෂණයක් කළ යුතු බවට ද අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරු රැසක් කරුණු ප්‍රකාශ කළහ.

ආණ්ඩුවේ දූෂණ, අක්‍රමිකතා හෙළි කිරීමට මන්ත්‍රීවරුන්ට ප්‍රමුඛ වගකීමක් ඇති බව ද එසේ හෙළි කරන මන්ත්‍රීවරුන්ට ජීවිත අවදානමක් එල්ල වන්නේ නම් එය ප්‍රජාතන්ත්‍රවාදයට එල්ලවන මරු පහරක් බව ද මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ‘නිදහස ජනතා සභාවේ’ ප්‍රධානි ඩලස් අලහප්පෙරුම සඳහන් කර තිබේ.

ආණ්ඩුව විවේචනය කරන විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසට විපක්ෂ මන්ත්‍රීවරුන් ගණනාවක් එක්ව අස්සන් සහිත ලියැවිල්ලක් බලධාරීන්ට ලබාදීමට ඉදිරි සතියේදී සූදානමක් පවතින බව ද වාර්තා වේ.

අනිද්දා (මැයි 7) පැවැත්වෙන පාර්ලිමේන්තු සැසි වාරයේදී මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීමක් සිදුකිරිමට විපක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් සූදානමින් සිටින බව ද දැන ගන්නට තිබේ.

  •  Krishan Jayasuriya
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

අවාරයේ සිරිපා කරුණාව දේශීය සංචාරකයන්ට තහනම් . . .

Sat May 4 , 2024
අවාරයේ ශ්‍රී පාදය කරුණා කිරීම දේශීය සංචාරකයින්ට සීමා කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව ශ්‍රී පාදස්ථානයට ඇතුළුවීමට ඇති කිසිඳු මාර්ගයකින් දේශීය සංචාරකයින්ට ඇතුළුවීම තහනම් කෙරෙනු ඇති. ශ්‍රී පාද වන්දනා වාරය මේ මස 24 වනදායින් අවසන් වීමට නියමිතය. ඒ අනුව ඉදිරි කටයුතු සිදුකෙරෙන ආකාරය පිළිබඳව රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීම සඳහා විශේෂ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x