සීගිරිය මුදුනට ද්විත්ව මාර්ගයක් . . .

 

සීගිරිය සිංහ පාදයේ සිට පර්වතය මුදුන දක්වා සංචාරකයන්ට ගමන් කිරීමට දැනට තිබෙන පඩිපෙළ මාර්ගය ද්විත්ව මාර්ගයක් ලෙස සකස් කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල සැලසුම් කර ඇත.

මීට අමතරව සීගිරියේ සිංහ පාදය දක්වා දැනට පිවිසීමට තිබෙන මාර්ගයට අමතරව තවත් මාර්ගයක් සකස් කිරීමටද කටයුතු යොදා ඇතැයි මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ පැවසුවේය.

මේ අනුව උගුල් ගල අසල සිට සිංහ පාදය දක්වා මාර්ග දෙකක් සකස් කිරීමට කටයුතු යොදා තිබේ. ප්‍රවේශවීම සහ පිටවීමට අදාළව මෙම මාර්ග දෙක වෙන් වෙන් වශයෙන් ඉදිකරන බවද මහාචාර්යවරයා කීවේය.

මීට අමතරව සිංහ මළුව සම්පූර්ණයෙන්ම විවේක ස්ථානයක් බවට පත් කිරීමට කටයුතු යොදා තිබේ. එහි ආපන ශාලාවක් ඉදිකිරීමටද නියමිතය.

මෙම සංවර්ධන කටයුතු සඳහා කොරියානු ආධාර යටතේ එක්සත් ජනපද ඩොලර් මිලියන අටක් ලබාදී ඇත.

  • සාලිය කුමාර ගුණසේකර
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ඩිෆෙන්ඩරය ගෙනිච්චේ මා නොදැනුවත්වයි . . .

Sat May 4 , 2024
තමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස කටයුතු කළ 2015 වසරේදී දෙමටගොඩ වෙළෙඳ සලක සේවය කළ අමිල ප්‍රියංග අමරසිංහ නමැති අය පැහැරගැනීම සඳහා සිය පෞද්ගලික ආරක්‍ෂක නිලධාරීන් තමන්ට අයත් ඩිෆෙන්ඩර් රථය භාවිත කර ඇත්තේ තමන්ගේ කිසිදු අනුදැනුමකින් තොරව වන්නේ යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කොළඹ මහාධිකරණය හමුවේදී විත්තිකූඩුවේ සිට ප්‍රකාශයක් කරමින් පැවැසුවාය. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x