අන්තරාදායක මිනී පෙට්ටි ප්‍රවාහනය . . .

අනතුරුදායක ලෙස   මිනී පෙට්ටි තොගයක් ලොරියක ප්‍රවාහනය කරමින් තිබියදී පොලිස් අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.

බණ්ඩාරගම පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් බණ්ඩාරගම නගරයේ රථවාහන රාජකාරියේ යෙදී සිටියදී පානදුර දෙස සිට අන්තරාදායක ලෙස පැමිණි ලොරි රථය නවතා සිදු කළ පරික්ෂාවේදී ඉතා අනතුරුදායක ලෙස මිනි පෙටිටි  50 ක් එක පිට එක පටවා තිබෙන අයුරු දැක ගත හැකි වූ බව පොලිසිය සඳහන් කරයි.

බණ්ඩාරගම නගරයේ ආවරණය වන පරිදි යොදා තිබෙන සංඥා පුවරු  වලද ගෑවෙන නොගෑවෙන තරමට මෙම මිනිපෙට්ටි පටවා තිබූ බව පොලිසිය කියයි.

එම රථයේ  රියදුරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී පානදුර අළුබුමුල්ලේ සිට මූලතීව් දක්වා මෙම මිනි පෙට්ටි තොගය ප්‍රවාහනය කරන බව පවසා ඇත.

අන්තරාදායක ලෙස මිනි පෙට්ටි තොගයක් ප්‍රවාහනය කිරීමේ චෝදනාව යටතේ අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතය.

  • dinamina

 

 

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

සමලිංගික පනත පාර්ලිමේන්තුවට . . .

Sun May 5 , 2024
සමලිංගිකත්වය නීතිගත කිරීම සඳහා වන පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බව සමස්ත ලංකා බෞද්ධ සම්මේලනය සඳහන් කරයි. ඒ අනුව එම පනතට විරෝධය දැක්වීම හා ඒ පිළිබඳ දේශපාලන අධිකාරිය දැනුවත් කිරීමට එම සම්මේලන යටතේ ඇති ජාතික උපදේශක සභාව තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ දී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x