චිත්‍රපට සංස්ථාවේ හැඩය වෙනස් කරයි . . .

ජාතික චිත්‍රපට සංස්ථාව ව්‍යාපාරික ස්වභාවයෙන් ඉවත්වී සමස්ථ ක්ෂේත්‍රයම නියාමනය කළ යුතු ආයතනයක් ලෙස ක්‍රියාත්මකවීමේ අරමුණින් ජාතික චිත්‍රපට සංවර්ධන කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීමට ජනමාධ්‍ය අමාත්‍යංශය පියවර ගනිමින් සිටියි.

ජාතික චිත්‍රපට නියාමන කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීම මැයෙන් 2023.05.22 වැනිදා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඇත. මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීමකදී සාකච්ඡා කර ඇති අතර ජාත්‍යන්තර මට්ටමේ චිත්‍රපට සහ රූපවාහිනී වැඩසටහන් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය මගපෙන්වීම හා පහසුකම් රජයේ මැදිහත්වීම මත ලබාදෙමින් චිත්‍රපට සහ රූපවාහිනී යන ක්ෂේත්‍රයන් දෙකම සංවර්ධනය කිරීමට එහිදී යෝජනා ඉදිරිපත් වී ඇත.

මෙහිදී දේශීය සිනමා කර්මාන්තය නියෝජනය කරන සියලුම ක්ෂේත්‍රයන් ආවරණය වන පරිදි එම ක්ෂේත්‍රයේ සාමාජිකයන්ගෙන් අදහස් ගෙන ඇත. එම අදහස් පදනම් කරගනිමින් ‘ජාතික චිත්‍රපට සංවර්ධන කොමිෂන් සභාව’ මූලික කෙටුම්පත් කර තිබේ.

ජාතික චිත්‍රපට සංස්ථාව ව්‍යාපාරික ස්වභාවයෙන් ඉවත්වී සමස්ථ ක්ෂේත්‍රයම නියාමනය කළ යුතු ආයතනයක් ලෙස ක්‍රියාත්මක වීමේ වැදගත්කම මෙහිදී අවධානයට යොමු කර ඇත. අනාගතයේදී සිනමාවට ඩිජිටල් වේදිකාව හා තාක්ෂණය ප්‍රවේශ වීමට අවශ්‍ය වීම හේතුවෙන් OTT වේදිකාවට ගැළපෙන ආකාරයට සැලසුම් සකස් කිරීම හා ඒවා ක්‍රියාවට නැංවීමටද මෙහිදී අවධානය යොමු කර තිබිණි.

දේශීය සිනමාව යන සංකල්පය තුළ රැඳී නොසිටිමින් ජාත්‍යන්තර සිනමාවට අවතීර්ණ වීමට අවශ්‍ය පහසුකම් හා වපසරිය සකස් කරගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු වී තිබිණි.

  • අනීෂා මානගේ
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

උතුරුමැද පළාත් සභාව උණුසුම් වෙයි . . .

Mon May 6 , 2024
උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් ඇතුළු පලාත් සභා නිලධාරීන් හා කාර්ය මණ්ඩලය  පළාත් සභා ගොඩනැගිලි පරිශ්‍රය තුළ සිර කර, එහි පිට වීමේ හා ඇතුල්වීමේ දොරටුව අවහිර කර උද්ඝෝෂණයේ  නිරත වූ රැකියා විරහිත උපාධිධාරීහු  22ක් අද(6)  අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. අත්අඩංගුවට ගත් පිරිස අතර සමස්ත ලංකා  ඒකාබද්ධ රැකියා විරහිත […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x