බෝගම්බර බන්ධනාගාරය තරු පහේ හෝටලයක් කරයි . . .

බෝගම්බර බන්ධනාගාරය හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සදහා පෞද්ගලික ආයෝජකයකු ඉදිරිපත් වී ඇතැයි නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය පවසයි.

එහි පෞරාණික බව රැකගනිමින් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

බෝගම්බර බන්ධනාගාරය සංවර්ධන කටයුතු සදහා නාගරික සංවර්ධන අධිකාරියට පවරන ලද්දේ වර්ෂ 2014 දීයි. එම අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන විසල් මහනුවර සංවර්ධන සැලැස්ම හා මහනුවර නගර සංවර්ධන සැලැස්ම යටතේ එය ප්‍රතිසංවර්ධන කටයුතු ක්‍රියාත්මක කෙරෙන බවද ඇමතිවරයා කීය.

යටත් විජිත ගෘහ නිර්මාණ ශිල්පය රැකගනිමින් බන්ධනාගාරයේ ප්‍රධාන ගොඩනැගිල්ල සංරක්ෂණය හා සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබේ.

විවෘත හා විනෝදාත්මක පහසුකම් සහිත පරිශ්‍රය සාමාන්‍ය ජනතාව සදහා විවෘත කිරීමත් සමගින් එහි ආර්ථික වටිනාකම ඉහළ නැංවීම මෙම ව්‍යාපෘතියේ අරමුණු බව නාගරික සංවර්ධන අධිකාරියේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ ඊ.එම්.එස්.බී ඒකනායක පවසයි.

බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය ෂොපින් මෝල්, ෆුඩ් කෝට්, කෞතුකාගාරය සහ සංචාරක හෝටලය ඇතුළත් වාණිජ ගොඩනැගිල්ලක් ලෙස සංවර්ධනය කිරීමට යෝජිතය.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

චිත්‍රපට සංස්ථාවේ හැඩය වෙනස් කරයි . . .

Sun May 5 , 2024
ජාතික චිත්‍රපට සංස්ථාව ව්‍යාපාරික ස්වභාවයෙන් ඉවත්වී සමස්ථ ක්ෂේත්‍රයම නියාමනය කළ යුතු ආයතනයක් ලෙස ක්‍රියාත්මකවීමේ අරමුණින් ජාතික චිත්‍රපට සංවර්ධන කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීමට ජනමාධ්‍ය අමාත්‍යංශය පියවර ගනිමින් සිටියි. ජාතික චිත්‍රපට නියාමන කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීම මැයෙන් 2023.05.22 වැනිදා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඇත. මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීමකදී සාකච්ඡා කර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x