ආන්දෝලනාත්මක On Arrival වීසා ගැටලුව . . .

On Arrival වීසා පහසුකම සම්බන්ධයෙන් පසුගිය දා ඇති වූ ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් තිබේ.

එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, නව වීසා ක්‍රමවේදය සම්බන්ධයෙන් වූ යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයකින් තොරව ඒකමතිකව පසුගිය නොවැම්බර් 23 වන දින සම්මත වූ බවය.

වීසා ගාස්තු පිළිබඳ ගැටලුවත් එම සම්මත කරගත් යෝජනාවලට අයත් වූ බව පැවසු අමාත්‍යවරයා නොවැම්බර් මාසයේ සම්මත වුවත් ETA හෙවත් ඉලෙක්ට්‍රොනික් සංචරණ අනුමැතිය නම් ක්‍රමවේදය ඔස්සේ එම වෙනස්කම ක්‍රියාවට නැංවීමට නොහැකි නිසා අප්‍රේල් 17 වනදා දක්වා VFS ක්‍රමවේදය ඔස්සේ සිදුකිරීමට බලාසිටීමට සිදුවූ බව ද පැවසීය.

ETA ක්‍රමවේදයේ තිබූ දෝෂ හේතුවෙන් මෙම ක්‍රමය වෙනස් කිරීමට කටයුතු කළ බවත් පැවසු අමාත්‍යවරයා, වැඩිදුරටත් අදහස් දැක්වීය.

“ඩොලර් 75 එක ගැන විතරයි ඔය කතාව ගියේ. ඩොලර් 75 කියන්නේ මාස 6ක වීසා එකක්. double entry Visa එකක්. හැබැයි එතැනදි පොඩි අතපසුවීමක් අපේ පැත්තෙන් වුණා. අපි දවස් 30 වීසා එක ඩොලර් 50ට තිබුණා. අපි මේක පාස් කරපු වෙලාවේ ඒක සිස්ටම් එකට දාන්න බැරි වුණා. ආපහු පාර්ලිමේන්තුවට යන්න වුණා ඒ නිසා. අපිට ගැසට් එකක් ගහන්න බෑ පාර්ලිමේන්තුවට යන්නේ නැතුව. මම රට යන්න කලින් රෙසිඩන්ඩ් වීසා එකක් එක්ක 50 එක පාස් කරලා ගියේ. ඒක සිස්ටම් එකට වැටෙනවා හෙට ඉඳලා. single entry visa එක දවස් 30ක ඩොලර් 50යි.”

“VFS සම්බන්ධයෙන් අපිට යෝජනාවක් එවලා තිබුණා. රට යන අය සියලුදෙනා දන්නවා VFS කියන්නේ මොකද්ද කියලා. රජයන් 67 රටවල් 151ක මධ්‍යස්ථාන 3,300ක විතර පාවිච්චි කරන කම්පැනි එකක්. ඒ සේවාව එක්ක තරග කරන්න කවුරුත් නෑ. ලෝකේ නම්බර් වන් එයාලා. ලෝකයේ හැම රටම පාවිච්චි කරන්නේ VFS. එක චෝදනාවක් තිබුණා ඉන්දියානු කම්පැනියක්. ඉන්දියන්කාරයෝ ඇවිත් අතන වාඩිවෙලා ඉන්නවා කියලා. මම ඒක හොයලා බැලුවා. VFS එක ඉන්දියානු කම්පැනියක් නෙමෙයි. black stone තමයි මේජර් ෂෙයාහෝල්ඩර්. VFS එකෙන් නිවේදනයක් අද නිකුත් කරයි එයාලා කවුද සහ ලංකාවේ කරන්න යන්නේ මොකද්ද කියලා. මැයි 1 ප්‍රශ්නය පටන් ගත්තේ. එදා කවුන්ටර්වල හිටියේ ඉන්දියන් අය නෙමෙයි ලාංකිකයින්. මගේ ළඟ නම් ලැයිස්තුව තියෙනවා. 13 දෙනෙක් ලංකාවේ අය. අර කෑ ගහපු එක්කෙනා කියනවා මේ ඉන්දියන්කාරයෝ කියලා. අනික VFS එකට වීසා නිකුත් කරන්නත් බෑ. රිජෙක්ට් කරන්නත් බෑ. ආගමන විගමන කාර්යාලයෙන් තමා ඒක කරන්නේ. VFS එක කරන්නේ ඩොකියුමන්ට් චෙක් කරන එක විතරයි. ”

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ON ARRIVAL VISA ලබාගැනීමේදී ඇතිවූ ගැටලුකාරී තත්ත්වයක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු පසුගියදා නොසන්සුන් ලෙස හැසිරුණු අතර එම වීසා ලබාදීමේ ක්‍රියාවලියට විවේචනද එල්ල වුණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ, එම පුද්ගලයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බවය.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් . . .

Mon May 6 , 2024
වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජ්‍යේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය කර තිබේ. අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කර පසුව එය අවුරුදු 60 දක්වා අඩු කිරිම හේතුවෙන් එම කාලය තුළ අවුරුදු 60න් පසු විශ්‍රාම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x