මර්වින් සිල්වාට ඇප . . .

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයෙකුට බැණ පහරදී තර්ජනය කළේ යැයි චෝදනාලත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇප මත මුදා හැරීමට  කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත අද (07) නියෝග කළාය.

එම නඩුවේ තෙවැනි සැකකරු ලෙස නම්කර සිටින හිටපු නාගරික මන්ත්‍රීවරයකු වන ලාල් පීරිස් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද නියෝග කළ මහේස්ත්‍රාත්වරිය ඔහුගේ විදේශ ගමන් තහනම් කිරීමට ද නියෝග කළාය.

2007 වසරේදී මැර කණ්ඩායමක් සමග රූපවාහිනී සංස්ථාවට ඇතුළු වී ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයාට පහරදීම තර්ජනය කිරීම ඇතුළු චෝදනා යටතේ මර්වින් සිල්වා ඇතුළු තිදෙනෙකුට එරෙහිව  මෙම නඩුව පවරා ඇත.

මර්වින් සිල්වා සැකකරුට රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් නියම කෙරිණි.

  • රෝෂන් තුෂාර
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

අදානිට විදුලිය විකුණයි

Tue May 7 , 2024
අදානි ග්‍රීන් එනර්ජි සමාගම විසින් මන්නාරම සහ පුනරින් ප්‍රදේශවල ස්ථාපනය කෙරෙන සුළං විදුලි බලාගාරවලින් ජනනය කෙරෙන විදුලිය මිලදී ගැනීම සඳහා වූ ටෙන්ඩරයට කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමිව තිබේ. අදාළ ටෙන්ඩරය අදානි ග්‍රීන් එනර්ජි සමාගම විසින් ඉදිරිපත්කර තිබූ අතර ඒ අනුව වසර 20ක් සඳහා ඔවුන්ගෙන් එම ව්‍යාපෘතිය යටතේ නිපදවෙන විදුලිය මිලදී ගැනෙයි.විදුලිබල […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x