බතලගොඩ බාස්මතී සහල් පර්යේෂණ සාර්ථකයි . . .

බතලගොඩ වී පර්යේෂණ හා පුහුණු ආයතනය විසින් බාස්මතී සහල් සඳහා වන ආදේශක වී ප්‍රභේද දෙකක් හඳුනා ගැනීමට සමත්ව තිබේ. ඒ සඳහා සිදු කළ පර්යේෂණ ඉතාමත් සාර්ථක වී ඇතැයි ද , තවත් මාස කිහිපයක් තුළ බෝග නිදහස් කිරීමේ කමිටු නිර්දේශ යටතේ මෙම බාස්මතී ආදේශක වී ප්‍රභේද දෙක මෙරට වගාව සඳහා නිදහස් කිරීමට හැකි බව බතලගොඩ වී පර්යේෂණ ආයතනය පවසයි.

බාස්මතී සහල් නිෂ්පාදනය කිරීම සඳහා මෙරට වගා කළ හැකි වී ප්‍රභේදයක් හඳුන්වා දීම සඳහා කාලයක සිට විවිධ පර්යේෂණ සිදු කරන ලදී. නමුත් බාස්මතී සහල්වලට ආදේශකයක් ලෙස යොදාගත හැකි සාර්ථක වී ප්‍රභේදයක් නිපදවීමට නොහැකි විය.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර අමාත්‍ය ධුරයේ වැඩ ආරම්භ කළ අවස්ථාවේ මෙරට බාස්මතී වගාව ව්‍යාප්ත කිරීම සඳහා පර්යේෂණ ආරම්භ කරන ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය. ඒ අනුව ආරම්භ කළ බාස්මතී සහල්වලට ආදේශකයක් ලෙස යොදා ගත හැකි වී ප්‍රභේද පිළිබඳ පර්යේෂණ ගණනාවක් අතරින් මෙම නව වී ප්‍රභේද දෙක ඉතාමත් සාර්ථක වී තිබේ.

මේ වනවිට At 306, At 309 යන වී ප්‍රභේද දෙක බාස්මතී සහල් හා සමාන දිගටි වී ප්‍රභේද දෙකක් ලෙස හඳුන්වා දී ඇති අතර එම වී වර්ග ද ජනප්‍රිය ව පවතී.

මේ වනවිට මෙරට සමස්ත සහල් අවශ්‍යතාවය මෙරටම නිෂ්පාදනය කෙරෙන අතර සංචාරක කර්මාන්තය හා හෝටල් සඳහා අවශ්‍ය වන බාස්මතී ඉන්දියාව හා පකිස්ථානයෙන් ආනයනය කරනු ලබයි.

ඒ සඳහා වැය වන විදේශ විනිමය මෙරට ඉතිරි කර ගැනීමේ අරමුණින් බාස්මතී සහල් මෙරට දීම නිෂ්පාදනය කිරීමේ වැඩ පිළිවෙළ සාර්ථක කර ගැනීමට පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා කෘෂිකර්ම බලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ජනාධිපතිවරණයේ දිනය නිවේදනය කරයි . . .

Thu May 9 , 2024
2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම ලබන සැප්තැම්බර් 17 වනදා සහ ඔක්තෝබර් 16 වැනිදා අතර කාලය තුළ පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි. එම කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඊට අදාළ නාම යෝජනා කැඳවීම නියමිත කාලසීමාව තුළ සිදුකරන බවයි. aruna

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x