පරණ යකඩ එකතු කරන්නන් නියාමනයට . . .

පරණ යකඩ අපනයනය කිරීම තහනම් කර ඇතත් තවමත් විවිධ ආකාරයෙන් විශාල ලෙස ඒවා පිටරට පටවන බැවින් පරණ යකඩ එකතු කරන්නන් නියාමනය කිරීමට කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ලංකා රජය 2020 වසරේදී අබලි යකඩ අපනයනය කිරීම තහනම් කළේය. ඒත් මේ වනවිටත් වාත්තු ලෝහ ලෙස ඉදිරිපත් කරමින් අබලි ලෝහ අපනයනය සිදුවන බවට අනාවරණය වී තිබේ. මේ පිළිබඳව සොයා බැලීම සඳහා කමිටුවක් පත් කිරීමට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ශාන්ත වීරසිංහ උපදෙස් ලබාදී ඇත.

කර්මාන්ත අමාත්‍යාංශයේ ලියාපදිංචිය ලබාගත් ඇතැම් කර්මාන්තශාලා නිෂ්පාදන කටයුතු සිදුකරන මුවාවෙන් අබලි ලෝහ අපනයනය කරන බවට කර්මාන්ත අමාත්‍යාංශය වෙත පැමිණිලි ලැබී තිබේ. එම පැමිණිලිවලට අනුව ව්‍යාජ කර්මාන්තශාලාවලට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට කර්මාන්ත අමාත්‍යාංශයේ ලෝහ, ඩයි හා අච්චු, යන්ත්‍රෝපකරණ ආංශික උපදේශන සභා කමිටු රැස්වීමේදී තීරණය කර ඇත.

  • නිර්මාණි තිලකසිරි
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

උතුරු ඇෆ්ගනිස්තානයට දරුණු ජලගැලීම් . . .

Sat May 11 , 2024
උතුරු ඇෆ්ගනිස්තානයට ඊයේ (10) බලපෑ ජලගැලීම් ආපදාවලින් 50කට අධික පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන් වැඩිම බලපෑම් එල්ලවූයේ ධාරාණිපාත වැසි ඇදහැලුණු බග්ලාන් කලාපයට වන අතර ජල ගැලීම්වලට කොටුවූ තවත් 150කට වැඩි පිරිසක් උදව් අපේක්ෂාවෙන් පසුවන බැවින් මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ වී තිබේ. කෙසේ නමුත් පවතින අයහපත් තත්ත්වය හමුවේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x