බැසිල් සටනට බසී . . .

රට වෙනුවෙන් ඕනෑම පුද්ගලයකු සමග එක්ව කටයුතු කිරීමට මෙන්ම වෙන්ව කටයුතු කිරීමට ද සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්‍ෂ පැවැසීය.

ඔහු ඒ පිළිබඳව සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මැතිවරණ මෙහෙයුම් කාර්යාලය සිකුරාදා (10දා) විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්‍ෂ මූලස්ථානයට ආසන්නව පිහිටා ඇති ජාතික මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ ප්‍රධානියා ලෙස දකුණු පළාතේ හිටපු ආණ්ඩුකාර විලී ගමගේ පත් කර ඇත. 14,000ක පමණ වන මෙරට ග්‍රාමනිලධාරි වසම් සම්බන්ධ කරමින් පරීක්‍ෂණ 160ක් ආධාරයෙන් සකස් කළ දත්ත පද්ධතියක් ඔස්සේ එම මෙහෙයුම් කාර්යාලයේ කටයුතු සිදු කිරීමට නියමිත අතර සෑම මැතිවරණ කොට්ඨාසයක්ම නියෝජනය වන පරිදි එක් පුද්ගලයකු බැගින් එම මධ්‍යස්ථානය හා සම්බන්ධව කටයුතු කිරීමට ද කටයුතු යොදා ඇත.

ජාතික මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීම බැසිල් රාජපක්‍ෂ ගේ ප්‍රධානත්වයෙන් සිදුවූ අතර එහිදී වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් දැක්වූ රාජපක්‍ෂ ප්‍රකාශ කර සිටියේ එළැඹෙන ජනාධිපතිවරණ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරිපත් කරන අපේක්‍ෂකයා තව නොබෝ දිනකින් ප්‍රකාශයට පත් කරන බවත්, ජයග්‍රහණය කළ හැකි අපේක්‍ෂකයකු ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන බවත්ය.

  • එරික් ගමිණි ජිනප්‍රිය
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

රක්‍ෂණ ආයතනයක මහ වංචාවක් . . .

Sun May 12 , 2024
හැටන් නගරයේ ස්ථාපනය කර ඇති ඇතැම් පෞද්ගලික රක්ෂණ ආයතනයක ශාඛාවක් විසින් ගණුදෙණුකරුවන්ට මුදල් වංචාවන් සිදු කර ඇති බවට හැටන් සහ දිඹුල පතන පොලිස් ස්ථාන වෙත ගණුදෙණුකරුවන් විසින් සිදු කර ඇති පැමිණිලි කිහිපයක් සම්බන්ධයෙන් පොලිසිය විසින් විමර්ෂණයක් ආරම්භ කර ඇත. එම රක්ෂණ ආයතනය විසින් ගණුදෙණුකරුවන්ට වැඩි පොලි මුදලක් ගෙවන බව පවසමින් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x