රක්‍ෂණ ආයතනයක මහ වංචාවක් . . .

හැටන් නගරයේ ස්ථාපනය කර ඇති ඇතැම් පෞද්ගලික රක්ෂණ ආයතනයක ශාඛාවක් විසින් ගණුදෙණුකරුවන්ට මුදල් වංචාවන් සිදු කර ඇති බවට හැටන් සහ දිඹුල පතන පොලිස් ස්ථාන වෙත ගණුදෙණුකරුවන් විසින් සිදු කර ඇති පැමිණිලි කිහිපයක් සම්බන්ධයෙන් පොලිසිය විසින් විමර්ෂණයක් ආරම්භ කර ඇත.

එම රක්ෂණ ආයතනය විසින් ගණුදෙණුකරුවන්ට වැඩි පොලි මුදලක් ගෙවන බව පවසමින් ස්ථිර තැන්පතු ලබාගෙන ඇති අතර , එම මුදල ලබා ගැනිමට එම ආයතනයේ සේවය කරන සේවක සේවිකාවන් ගණුදෙණුකරු වෙත යවා එම මුදල ලබාගෙන ඒ සදහා ආයතනයෙන් නිකුත් කරනු ලබන රිසිට්පත් ද ලබා දි ඇත.

ස්ථිර තැන්පතු සදහා ප්‍රමුඛතාවයක් ලබාදෙමින් එම රක්ෂණ ආයතනය විසින් හැටන් ඇතුළු අවට නගර වලට ගොස් ප්‍රවර්ධන කටයුතු පවා සිදු කරමින් එම ආයතනය වෙත රක්ෂණ මුදල් ලබාගෙන ඇත.

එම ස්ථිර තැන්පතුවේ කාල සිමාව අවසන් විමෙන් පසු එම පොලි මුදල් ලබා ගැනිමට ගණුදෙණුකරුවන් හැටන් නගරයේ පිහිටි එම රක්ෂණ ආයතනය වෙත පැමිණ පරික්ෂා කිරිමේදි එම ගණුදෙණුකරුගේ නමින් ගිණුමක් හෝ ස්ථිර තැන්පතුවක් නොමැති බවට එම රක්ෂණ සමගාමේ කලමණාකරු විසින් පවසා ඇති අතර, එම ගණුදෙණුකරුවන් රක්ෂණ ආයතනය විසින් නිකුත් කරනු ලැබු රිසිට්පත් සහ ස්ථිර තැන්පතු රිසිට්පත කලමණාකරු වෙත ඉදිරිපත් කිරිමේදි එම කලමණාකරු ගණුදෙණුකරුවන් වෙත පවසා ඇත්තේ එම රිසිට්පත් තම ආයතනයෙන් නිකුත් කරනු ලබන රිසිට් පත් නොවන බවයි.

එම රිසිට්පත් සියල්ල ව්‍යාජ රිසිට්පත් බවත්, එම රිසිට් පත් තම ආයතනයේ සේවය කල දැනට සේවයෙන් ඉවත් වි ඇති සේවක සේවිකාවන් කිහිපදෙනෙකු විසින් සකස් කරන ලද ව්‍යාජ රිසිට් පත් බවයි.

ඒ සම්බන්ධයෙන් තමන්ට වගකිම භාරගත නොහැකි බවත්, එම මුදල් සම්බන්ධයෙන් මුදල් ලබාගත් අයගෙන්ම විසදා ගන්නා ලෙසට එම රක්ෂණ ආයතනයේ කලමණාකරු විසින් පැවසු බව සදහන් කරමින්  ගණුදෙණුකරුවන් විසින් හැටන් සහ දිඹුල පතන පොලිස් ස්ථාන වෙත කර ඇති පැමිණිලිවල සදහන් කර ඇත.

මේ සම්බන්ධයෙන් අප එම රක්ෂණ ආයතනයේ උසස් නිලධාරියෙකුගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ තම ආයතනයේ සේවය කල ඇතැම් සේවක සේවිකාවන් විසින් ආයතනයේ නම් භාවිතා කරමින් ව්‍යාජ රිසිට්පත් මුද්‍රණය කර ඇතැම් ගණුදෙණුකරුවන්ගෙන් වංචනික ලෙස ස්ථිර තැන්පතු මුදල් ලබාගෙන ඇති බවට තමන් වෙතද පැමිණිලි කිහිපයක් ලැබි ඇති බවත්, එම සේවකයින් දැනට තම ආයතනයේ සේවයෙන් ඉවත් වි ඇති නිසා එම මුදල් සම්බන්ධයෙන් තම රක්ෂණ සමාගම වගකිම භාර නොගන්නා නිසා එම මුදල් ලබාගත් අය සම්බන්ධයෙන් අවශ්‍ය නිතිමය පියවර ගන්නා ලෙසට ගණුදෙණුකරුවන් වෙත පවසා සිටි බවයි.

  • රංජිත් රාජපක්ෂ

 

 

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

පොලිසියේ සාක්කු බලයි . . .

Sun May 12 , 2024
පොලිස් නිලධාරීන් අයුතු සහගතව මුදල් ලබාගැනීමට පෙළඹෙන නිසා ඔවුන් අදාළ පොලිසියේ සිට රාජකාරි වාර්තා කිරීමට යද්දී තමාගේ පසුම්බියේ තිබෙන මුදල පිළිබඳව රාජකාරි පොතේ සටහන් කළ යුතුව ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. මෑතක දී සිට ඇතැම් පොලිස් නිලධාරීන් විසින් පුද්ගලයන් ගෙන් රුපියල් ලක්‍ෂ ගණන් මුදල් අල්ලස් සහ කප්පම් වශයෙන් ලබාගැනීමේ සිද්ධීන් පිළිබඳව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x