මෙවර මුල්ලවයික්කාල් සමරුව මහ ඉහලින් . . .

යුද්දය අවසන් වී වසර 15 ක් ගෙවීම නිමිත්තෙන් අවසන් යුද බිම වූ මුලතිව් වෙල්ල මුල්ලි වයික්කාල්හි පිහිටි යුද ස්මාර්කය අසලදී මේ මස 18 වනදාට යුද්දයෙන් මිය ගිය වැසියන් සිහිකිරීමේ 15 වන යුද සැමරුම් උත්සවය වෙනුවෙන් හැකි සියලු දෙනාට සහභාගී වන ලෙසට මුල්ලිවයික්කාල් නැවත පදිංචි වූවන්ගේ සංගමය ඉල්ලා සිටියි.

මුලතිව්  වෙල්ල මුල්ලි වයික්කාල්හි මිය ගිය වැසියන් වෙනුවෙන් ආශිර්වාද සෙත් ශාන්ති පමුණුවන ස්මාර්කය අසල හා අවට ප්‍රදේශය මේ දිනවල සුද්ද පවිත්‍ර කිරීමේ අවස්ථාවන්ට සහභාගී වෙමින් මුල්ලිවයික්කාල් වැසියන් මේ බව කිය සිටියි.

යුද්දය අවසන් වී වසර 15 මේ වන විට ගෙවී ඇති අතර මේ මස 18 වනදාට යුද්දයෙන් මිය ගිය අයගේ සියලුම ඥාතීන් මෙන්ම නැවත පදිංචි වූ වැසියන් ඇතුලු හැකි සියලුම ජනතවට එදින මුල්ලිවයික්කාල් යුදසැමරුම් ස්මර්කය අශියසට පැමිණෙන ලෙසට ඉල්ලා සිටියි.

මේ අතර අවසන් යුද්දයේදී මිය ගිය සාමාන්‍ය ජනතව වෙනුවෙන් සෙත් පතා ප්‍රදේශයයේ ජනතාව විසින් කැඳ දන්සල්ද මුලතිව් දිස්ත්‍රීක්කයේ සංවිධනය කොට ඇති අතර එහිදීද මැයි 18 වනදට හැකි සියලුම දෙනාට යුදසැමරුම වෙනුවෙන් සහභාගී වන ලෙසට දැනුම් දෙනු ලබයි.

මෙවර සැමරුම වෙනුවෙන් යාපනය සරසවියේ ශිෂ්‍ය සංගමයද සහය දක්වා ඇති අතර විවිධ ස්වේච්ඡා සංවිධාන මෙන්ම ආගමික නායකයින් රැසක්ද දේශපාලන නියෝජිතයින් රැසක්ද සහභාගීවීමට නියමිතව ඇත.

  • වන්නි රොමේෂ් මධුෂංඛ
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ලංකිකයන් අන්තර්ජාල ඇබ්බැහිය ඉහලට . . .

Mon May 13 , 2024
කොරෝනා වසංගතයත් සමඟ මෙරට ඉහළ ගිය අන්තර් ජාල භාවිතා කරන පිරිස 2023 වසර වනවිට මෙරට ජනගහනයෙන් 66% දක්වා ඉහළගොස් ඇතිබව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල පැවසීය. බොහෝ රටවල් ඒ පිළිබඳව විධිමත් අධ්‍යනයක් සිදුකර අන්තර් ජාලයට යොමුව ඇති දරුවන් ඉන් මුදා ගැනීම සඳහා විවිධ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x